මතුව ඇති මේ හදිසි තත්ත්වයත් එක්ක බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලීසිය ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක්ම මේ වන විටත් ස්ථානගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර හදිසියේ මතුවුණු මේ නොසන්සුන්තාව සමතයකට පත්කිරීම සඳහා අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර සිටිනවා.
බන්ධනාගාරය ඇතුළේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ඉදිරි තොරතුරු ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.