කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ ආගමික උත්සවයේදී, උන්වහන්සේගේ සුරතින් ප්‍රතිමා වහන්සේට ආශීර්වාද කර විවෘත කිරීම සිදු කෙරුණා.
සීදුව සුපුවත් අරණ භූමියේ පිහිටුවා ඇති මෙම පූජනීය ස්මාරකය අඩි 60ක උසකින් යුක්ත වන අතර, එය සම්පූර්ණයෙන්ම වාගේ සුදු යකඩ (Stainless Steel) භාවිතයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙම අලංකාර නිර්මාණයේ සංකල්පය සහ සැලසුම සුපුවත් අරණ භාරකරු ගරු ඩැරල් පියතුමන්ගේ අදහසකට අනුවයි ක්‍රියාත්මක කර තිබෙන්නේ.
පූජනීය මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, කන්‍යා සොහොයුරියන් මෙන්ම විශාල කිතුනු බැතිමතුන් සංඛ්‍යාවක් ද මේ ඓතිහාසික හා පූජනීය අවස්ථාව දැකබලා ගැනීමටත් ආශීර්වාද ලබා ගැනීමටත් එක්ව සිටියා.