ඒ අතරින් වඩාත්ම අවාසනාවන්ත ආරංචිය වාර්තා වෙන්නේ ජර්මනියෙන්. පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ජර්මනිය පුරා පුද්ගලයින් 9,800කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රධාන සෞඛ්‍ය ආයතනය වන 'ආර්.කේ.අයි' ආයතනය තහවුරු කරනවා.
එම ආයතනය මගින් නිකුත් කරන ලද සතිපතා වාර්තාවලට අනුව විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉදිරි දින කිහිපය ඇතුළත ජර්මනියේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවත් ඉක්මවා යනු ඇති බවයි.
පසුගිය ජූනි මාසයේදීත් ජර්මනියේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා යමින් වාර්තාගත දැඩි රශ්මියක් සටහන් වුණා.
මෙලෙස වාර්තා වී ඇති උණුසුම සම්බන්ධ මරණ අතුරින් වැඩිම පිරිසක් වයස අවුරුදු 75 සහ ඊට වැඩි වයස්ගත පුද්ගලයින් බවයි RKI ආයතනය පෙන්වා දෙන්නේ.
එමෙන්ම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවන සතියක කාලය තුළදී මරණ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
මූලාශ්‍රය - අල්ජසීරා