මෙලෙස අනපේක්ෂිත ලෙස අකාලයේ සමුගෙන ඇත්තේ නල්ලතන්නිය පහළ කොටස, මරේ වත්තේ පදිංචිව සිටි, මස්කෙළිය සෙන් ජෝසප් විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලැබූ සෙල්වම් දිෂ්නා නැමැති සිසුවියයි.
නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට එකම පවුලේ පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ.
අනතුර සිදු වූ අවස්ථාවේම ත්‍රීරෝද රථයේ රියැදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් ඔහුගේ ඥාතියෙකු එම ස්ථානයේදීම මියගිය අතර, එහි ගමන් කළ පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ පාසල් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඔවුන් මහනුවර ශික්ෂණ රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල සහ දික්ඔය මූලික රෝහල යන රෝහල්වල දැඩි සත්කාර ලබමින් සිටි අතර, දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවා මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. නිරෝෂන් මහතාගේ අධීක්ෂණය යටතේ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් කොස්තාපල් රුචිර (82711) සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර (84665) යන නිලධාරීන් විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.