රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලතාවයක් සටහන් වුණු මේ කම්පනය නිසා මේ වෙද්දී පුද්ගලයින් 13 දෙනෙකුට ජීවිත අහිමි වෙලා තියෙනවා කියලා ජපානයේ අගමැතිනි සනාඒ ටකායිචි (Sanae Takaichi) මහත්මිය නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා.
මේ භූකම්පනයත් එක්කම කුමමොටෝ ප්‍රදේශයේ ගොඩනැගිලි, කර්මාන්තශාලා වගේම විශාල වෙළඳ සංකීර්ණවලට දැඩි හානි සිදුවෙලා.
හැමෝම කම්පනයට පත්කරපු සිදුවීම වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන පෙළේ වෙළඳ සංකීර්ණයක් වන ‘Aeon Mall‘ ආශ්‍රිතවයි. භූමිකම්පාවත් එක්කම එහි කොටසක් කඩාගෙන වැටිලා තියෙනවා වගේම, ගෑස් කාන්දුවක් නිසා වුණා කියලා සැකකරන දැවැන්ත පිපිරීමකුත් එතන සිද්ධවෙලා.
මේ නිසා ඒ වෙලාවේ එතන හිටපු විශාල පිරිසක් සුන්බුන් යට සිරවෙලා ඉන්නවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වෙනකොටත් සිය ගණනක් දෙනා තුවාල ලබා රෝහල් ගතකරලා තියෙන බවත් වාර්තා වෙනවා.
කොහොම වුණත් සුන්බුන් අතරේ හිරවෙලා ඉන්න මිනිස්සු බේරගන්න ජපාන ආපදා කළමනාකරණ කණ්ඩායම්, හමුදා භටයින් (3,600කට අධික පිරිසක්) වගේම ගුවන් බලකායන් එකතුවෙලා දැවැන්ත මෙහෙයුමක් මේ වෙද්දීත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
ජපානයේ මේ ප්‍රදේශයේ ඉන්න අපේ ලාංකිකයින්ටත් මේ වෙලාවේ ගොඩක් පරිස්සමින්, ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් ඉන්න කියලා අපි මතක් කරනවා.