සිය බිරිඳ සමග උරණ වී කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි අධිබලැති විදුලි කණුවක නැගි පුද්ගලයාට විදුලිබල මණ්ඩලයට සිදුවු අලාභය ලෙස රුපියල් දෙලක්ෂ එක්දහස් පනස් නමයයි ශත අනුවක මුදලක් ගෙවන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය 21 වැනිදා මෙම පුද්ගලයා අදාළ අධිබලැති විදුලි කණුවක නැගීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමට සිදු වුණා.
මේ හේතුවෙන් තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල, දෙනියාය ඇතුළු ප්‍රදේශ රැසක පැය දෙකකට අධික කාලයක් විදුලිය පැවතියේ නැහැ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර, පසුව ඔහු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.