බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඉන්න අයට වගේම දකුණේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අයට නම් හෙටත් මේ වැස්සෙන් බේරුමක් ලැබෙන්නේ නැති හැඩයි. මොකද මේ පැතිවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි වැටෙන්න පුළුවන් කියලයි කාලගුණෙන් කියන්නේ. ඒ නිසා හෙට උදේම වැඩට, ගමන් බිමන් යන්න ඉන්නවා නම් කුඩයක්, කබායක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න එක ඇඟට ගුණයි.
එහෙමත් නෑ! ඌව පළාතේ අයටත්, මඩකලපුව සහ අම්පාර පැත්තේ අයටත් හෙට හවස් වෙනකන් විතරයි පාඩුවේ ඉන්න වෙන්නේ. හවස 2.00න් පස්සේ ඒ පැතිවලටත් ගිගුරුම් සහිත වැසි එන්න ලොකු ඉඩකඩක් තියෙනවා.
මේ වැස්සත් එක්කම එකපාරටම එන තද සුළං සහ අකුණු අනතුරු ගැනත් කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ගස් කඩාගෙන වැටෙන්න, වහලවල් ගැලවෙන්න පුළුවන් නිසා මේ දවස්වල ගමන් බිමන් යද්දී, එළිමහනේ ඉද්දී තමන්ගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් සැලකිලිමත් වෙන්න කියලා අපිත් මතක් කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න!