Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
'' මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න ඒ රියදුරා ඉඩ දුන්නේ නෑ…'' '' වැඩ ටික ඉවර කරලා පාසලටත් ගිහින් ගෙදරට බඩු ටිකකුත් අරන් එන්නම්.. '' බිරිඳට අවසන් වරට එසේ කියූ ඔහු අද අවසන් ගමනේ..

- '' මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න ඒ රියදුරා ඉඩ දුන්නේ නෑ…'' '' වැඩ ටික ඉවර කරලා පාසලටත් ගිහින් ගෙදරට බඩු ටිකකුත් අරන් එන්නම්.. '' බිරිඳට අවසන් වරට එසේ කියූ ඔහු අද අවසන් ගමනේ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

244 Views

අද දඹුල්ල ජාතික පාසලට තිබුණේ වෙනදා වගේ දවසක් නෙවෙයි…

දූ දරුවන්ට ගුරුහරුකම් දුන්, ගුරුවරුන් සමඟ පාසල වෙනුවෙන් කැපවුණු ඒ ආදරණීය විදුහල්පතිවරයා අද අවසන් ගමන් යන දවසයි. 

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ දඹුල්ල ජාතික පාසලේ 38 හැවිරිදි විදුහල්පති ජානක විජේසිංහ මහතාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

උදෑසන ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, විශේෂ රථ පෙරහරකින් දේහය ඔහු සේවය කළ දඹුල්ල ජාතික පාසල වෙත රැගෙනවිත් තිබුණා.

ඒ වන විටත් තම විදුහල්පතිවරයාගේ වියෝව දරාගත නොහැකිව දූ දරුවන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් කඳුළු සලමින් අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. 

ඒ අතර ඔහුගේ ආදරණීය බිරිඳ මනෝජා නීලමණී විජේසූරිය කියූ වදන් හමුවේ මේ වියෝවේ වේදනාව තවත් තදින් දැනෙනවා…

“මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ දඹුල්ල ජාතික පාසලේ ගුරු සේවයේ නිරත වෙලා ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට නේවාසිකාගාරයක් හදලා, වස් සමාදම් කරලා මහා ලොකු වස් පින්කමක් කරන්න…”

ඒ උදාර බලාපොරොත්තුව ඉටු කරගන්නටත් පෙර ඔහුට ජීවිතයෙන් සමුගන්න සිදුවුණා.

අනතුර සිදුවූ දවසේත් ඔහු ගොස් තිබුණේ දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ පින්කමකටයි.

'' වැඩ ටික ඉවර කරලා පාසලටත් ගිහින් ගෙදරට බඩු ටිකකුත් අරන් එන්නම්…''

ඒ ඔහු බිරිඳට අවසන් වරට කියූ වචන අතරින් කිහිපයක්.

ඒත් එදින රාත්‍රියේ ඇයට අසන්නට ලැබුණේ තම සැමියා පිළිබඳ ඒ වේදනාත්මක පුවතයි… 

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් විදුහල්පතිවරයාගේ ජීවිතය අහිමි වුණා.

අනතුරෙන් පසු විනාඩි 45කට ආසන්න කාලයක් මෝටර් රථය තුළ සිරවී සිටි ඔහු ප්‍රදේශවාසීන් විසින් පිටතට ගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා.

ඔහුගේ බිරිඳ සමාජයෙන් ඉල්ලා සිටින්නේ නොහික්මුණු රිය ධාවනය පිළිබඳ කඩිනමින් අවධානය යොමු කරන ලෙසයි.

ඒ වගේම, තම සැමියාගේ අනතුරට අදාළ සංවේදී ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා නොහරින ලෙසත් ඇය ඉල්ලා සිටියා.

දරුවන්ට දැනුම දුන් ගුරුවරයෙක්…
සමාජයට යහපතක් කළ මිනිසෙක්…
අද නිහඬව අවසන් ගමන් යයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top