Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
16
TikTok මව් සමාගමේ අයිතිකාර Zhang Yiming ඩොලර් බිලියන 105ක වත්කමක් එක්ක ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි! කවුරුත් එක්කවත් කතා කරන්න නැති, හුදකලාව ඉන්න කැමති ඔහුගේ කතාව

- TikTok මව් සමාගමේ අයිතිකාර Zhang Yiming ඩොලර් බිලියන 105ක වත්කමක් එක්ක ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි! කවුරුත් එක්කවත් කතා කරන්න නැති, හුදකලාව ඉන්න කැමති ඔහුගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

198 Views

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගැන අහලා තියෙනවද? මේ කියන්න යන්නේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගැනයි... 


බ්ලූම්බර්ග් ආයතනයට අනුව, ටික්ටොක් මව් සමාගම වන බයිට්ඩාන්ස් හි සම-නිර්මාතෘ ෂෑං යිමින්ග් (Zhang Yiming) ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා වනවා.

43 හැවිරිදි ෂෑං යිමින්ග් ඉන්දියාවේ ගෞතම් අදානි අභිබවා ගොස් ඇති අතර, ඒ අනුව ගෞතම් අදානි තවදුරටත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නොසැලකෙන බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තියෙන්නේ..

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මඟින් ලොව 20 දෙනකුගෙන් යුත් නවතම ලැයිස්තුවක් නිකුත් කර ඇති අතර, එහි එලොන් මස්ක් නැවතත් පෙරමුණ අරගෙන තිබුණා. කොහොම වුණත් නව ලැයිස්තුවට අනුව, ෂෑං යිමින්ග් 18 වැනි ස්ථානයේ පසුවන අතර ගෞතම් අදානි 20 වැනි ස්ථානයේ පසුවෙනවා.
 
යිමින්ග්ගේ මුළු ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 105 ක් ලෙස සටහන් වන අතර, ඔහු මෙලෙස අදානි අභිබවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බ්ලූම්බර්ග් ආයතනය ප්‍රථම වරට ඔහුගේ වත්කම් ලුහුබැඳීම ආරම්භ කළ 2019 මාර්තු මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 13 ක වත්කම හා සසඳන විට, ඔහුගේ වත්කම මේ වන විට අට ගුණයකට වඩා වැඩි වී වෙලා තියෙනවා.

බ්ලූම්බර්ග් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ ප්‍රමුඛතම ධනපතියන් 5 දෙනා...
• ෂෑං යිමින්ග් - බයිට්ඩාන්ස් (චීනය)
• ගෞතම් අදානි - අදානි සමූහය (ඉන්දියාව)
• මුකේෂ් අම්බානි - රිලයන්ස් සමූහය (ඉන්දියාව)
• තඩාෂි යානායි - යුනික්ලෝ නිර්මාතෘ (ජපානය)
• මසායෝෂි සොන් - සොෆ්ට්බෑන් ෆවුන්ඩර් නිර්මාතෘ (ජපානය)

පසුගිය වසරේදී චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වූ ෂෑං යිමින්ග්, තම පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අකමැති, සමාජය සමඟ එතරම් ගැවසීමක් නොමැති පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ බවයි වාර්තා වෙන්නේ...

දශකයක පමණ කාලයක් බයිට්ඩාන්ස් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමෙන් පසු, 2021 දී ඔහු සේවකයින්ට පවසා ඇත්තේ තමුන් "එතරම් සමාජශීලී නොවන, අන්තර්ජාලයේ සිටීම, කියවීම, සංගීතයට සවන්දීම සහ කළ හැකි දේ ගැන කල්පනා කිරීම වැනි හුදකලා ක්‍රියාකාරකම්වලට ප්‍රිය කරන" අයෙකු බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top