මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත සංජය බණ්ඩාර නැමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
කුලී වැඩවලින් ජීවිකාව සරි කරගත් මේ තරුණයා නිවසේ තනිවම පදිංචිව සිට ඇති අතර, පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිට දින කිහිපයක්ම ඔහුගේ නිවසේ විදුලි බුබුළු දැල්වී තිබීමත්, තරුණයා පෙනෙන්නට නොසිටීමත් ගැන සැක සිතූ බාල සොහොයුරා තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් දමා තිබුණා.
පොලීසිය විමර්ශන ආරම්භ කරද්දී තොරතුරක් ලැබෙනවා, පසුගිය 04 වැනිදා රාත්‍රියේ අතුරුදහන් වූ තරුණයා තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ බහින්බස් වෙමින් යනවා දැක්කා කියලා. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ නිලධාරීන් පසුගිය 07 වැනිදා අලුයම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි සැකකාර තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න සමත් වෙනවා..
පොලීසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්,
සැකකරුවෙකුගේ පියා පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පොලිසියට අල්ලලා දුන්නේ මියගිය සංජය කියලා සැකයක් ඔහුගේ හිතේ තිබිලා. සිද්ධිය වූ දින මත්පැන් පානය කරද්දී මේ හිත් අමනාපකම ආයෙත් ඇවිළිලා තියෙනවා.
ඊටපස්සේ නිවෙසට ගිය සංජයව යළි සාදය පැවැත්වූ හේන් භූමියට කැඳවාගෙන ගොස්, පැලක තිබූ කුළුගෙඩියකින් හිසටම ගහලා මරා දාලා..
එතනින් නවතින්නේ නැතුව, හේන් භූමියේදීම ලී කැබලි යොදා සිරුර අඩක් පුළුස්සා, රෙදි කඩක ඔතා කැලෑබද ප්‍රපාතයකට විසිකර දැමූ බවටයි සැකකරුවන් පාපොච්ඡාරණය කර ඇත්තේ.
සැකකරුවන් පෙන්වූ ස්ථානයෙන් අඩක් පිළිස්සී නරක් වෙමින් තිබූ මෘත ශරීරය සොයාගෙන ඇති අතර, මහනුවර දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතාගේ ස්ථානීය පරීක්ෂණයෙන් පසු සිරුර මහනුවර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.
තලාතුඔය පොලිසිය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරගෙන යනවා කියලයි ආරංචිය.