අද දවසේ සම්පූර්ණ ලග්න පලාපල විස්තරය මෙන්න...
මේෂ ලග්නය - බලාපොරොත්තු ඉටු කර ගත හැකියි
මේෂ ලග්න හිමියන්ට අද දවස සුබවාදී ආරංචි රැගෙන එන දිනයක්. හිතේ හිරකරගෙන හිටපු ලොකු බලාපොරොත්තු, ප්ලෑන් සාර්ථක කරගන්න මඟ පෑදෙනවා.
වෘෂභ ලග්නය - වාසනාවන්ත දවසකි
වෘෂභ ලග්න හිමියන්ට අද දවස සැබෑම වාසනාවන්ත දිනයක් ලෙස සටහන් වෙනවා. අතගහන බොහෝ කටයුතුවලින් වාසි අත්වීමේ ඉඩකඩ වැඩියි.
මිථුන ලග්නය - බාධක ජය ගත හැකියි
වැඩ කටයුතුවලට එක එක විදිහේ බාධා, කරදර ආවත් ඒ කිසිවකට නොසැලී ඒ සියල්ල ජය ගැනීමේ ශක්තිය මිථුන ලග්න හිමියන්ට අද හිමිවෙනවා.
කටක ලග්නය - ගමන්වලදී ප්‍රවේසම් වන්න
කටක ලග්නයෙන් උපන් අයට අද දවසේ විශේෂ අනතුරු ඇඟවීමක් තියෙනවා. ගමන් බිමන් යද්දී, වාහන පදවද්දී වෙනදාට වඩා දෙතුන් ගුණයකින් ප්‍රවේසම් වීම අනිවාර්යයි.
සිංහ ලග්නය - විදෙස් ගමන්වලට සුබයි
විදෙස්ගත වෙන්න, එතෙර රැකියා හෝ අධ්‍යාපන අවස්ථා බලාපොරොත්තුවෙන් ඉන්න සිංහ ලග්න හිමියන්ට අද ඉතාමත් සුබදායක ප්‍රවෘත්ති අසන්නට ලැබෙනු ඇති.
කන්‍යා ලග්නය - රැකියා කටයුතුවලට සුබයි
ඔබේ වෘත්තීය ජීවිතයේ ඉදිරි පියවරක් තබන්න කදිම දවසක්. රැකියා ස්ථානයේ ප්‍රශ්න විසඳී උසස්වීම් හෝ පැසසුම් ලැබීමට නියමිතයි.
තුලා ලග්නය - උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න
තුලා ලග්න හිමියන්ට අද පොතපතේ වැඩවලට සහ අධ්‍යාපනික කටයුතුවලට විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. කම්මැලි නොවී උනන්දුවෙන් වැඩ කළොත් හොඳ ප්‍රතිඵල ලැබේවි.
වෘශ්චික ලග්නය - ඉවසීමෙන් කටයුතු කරන්න
වෘශ්චික ලග්න හිමියන්ට අද චකිතය හෝ නොඉවසිලිමත් බව මතුවිය හැකි නිසා, හැම තීරණයක්ම ඉතාම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ගැනීමට මතක තබාගන්න.
ධනු ලග්නය - කල්පනාකාරීව කටයුතු කරන්න
ධනු ලග්නයෙන් උපන් ඔබ අද දවසේ කරන කියන සෑම දෙයකදීම දැඩි කල්පනාකාරී බවක් පවත්වා ගැනීම වැදගත්. නොසැලකිලිමත්කම නිසා පාඩු සිදුවිය හැකියි.
මකර ලග්නය - වියදම් පාලනය කරගන්න
මකර ලග්න හිමියන්ට අද අතේ තියෙන සල්ලි නොදැනිම වියදම් වී යාමේ අවදානමක් පවතිනවා. ඒ නිසා අනවශ්‍ය වියදම් කපාහැර මුදල් පරිස්සම් කරගත යුතුයි.
කුම්භ ලග්නය - ගෘහ ජීවිතය සතුටුදායකයි
ගෙදරදොර සමාදානය, පවුලේ සමගිය සහ සතුට උපරිමයෙන් අත්විඳින්න කුම්භ ලග්න හිමියන්ට අද භාග්‍යය ලැබෙනවා. සිතට දැඩි සැනසිල්ලක් දැනෙන දිනයක්.
මීන ලග්නය - කෝපය පාලනය කරගන්න
මීන ලග්න හිමියන්ට අද තරහ පාලනය කරගැනීම අතිශය තීරණාත්මකයි. ක්ෂණිකව එන කෝපය නිසා අනවශ්‍ය ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් මනස සන්සුන්ව තබාගන්න.