මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පෙරමාල් දිවාකර් සහ හපුතලේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අන්බලගන් නික්ෂන් නමැති තරුණයින් දෙදෙනෙකි.
නුවරඑළිය ග්‍රෙගරි වැවෙන් පිටවන ජලය කොත්මලේ ඔයට එකතුවන නානුඔය ග්ලාස්ගෝ දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මොවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ දී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.