හෙළ සංගීත අඹරේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ අභාවප්‍රාප්ත ජේ. ඒ. මිල්ටන් පෙරේරා ශූරීන්ගේ ආදරණීය පුතණුවන් වූ ඔහු, තම පියාගේ හඬ පෞරුෂයට නොදෙවෙනි වූ සුවිශේෂී ගායන හා රංගන කුසලතාවයකින් දශක ගණනාවක් පුරා මෙරට රසික හදවත් ආනන්දයට පත්කළ දක්ෂ කලාකරුවෙකි. ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය සැමියා මෙන්ම නව පරපුරේ ජනප්‍රිය ගායක දිල්මින් පෙරේරාගේ ආදරණීය පියාණන්ද වූයේ ඔහුය.
සිය පියාණන්ගේ අභාවය පිළිබඳව අතිශය සංවේදී වූ පුතු දිල්මින් පෙරේරා, සිය මුහුණුපොත ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ තම ආදරණීය පියාණන් සියලු දෙනාගෙන්ම සදහටම සමුගත් බවයි.
ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහ අවසන් ගෞරව දැක්වීම පහත පරිදි සංවිධානය කර ඇත..
අද දින (02): පස්වරු 3.00 සිට බොරැල්ල ජයරත්න මල් ශාලා පරිශ්‍රයේ අරලිය ශාලාවේදී
හෙට දින (03): පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේදී
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
දශක ගණනාවක් පුරා සිය හඬින් සහ රංගනයෙන් මුළු මහත් දැයක්ම පිනවූ මේ සොඳුරු මිනිසාණන්ට, අපගේ බලවත් ශෝකය පළකර සිටින අතර එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!