ඇයගේ රංගන කුසලතාවයට වගේම ඇගේ සුරූපී පෙනුමටත් ලොකු කුඩා කවුරුත් දක්වන්නේ පුදුම ආදරයක්.
නිතරම වගේ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන් එක්ක සමීපව කටයුතු කරන ශෙහානි, පසුගියදා ඇගේ නිල ෆේස්බුක් ගිණුමට හරිම ආකර්ෂණීය ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. මේ ෆොටෝ ෂූට් එකේදී ඇය කොතරම් ලස්සනද කියනවා නම්, හරියටම පණ තියෙන බෝනික්කෙක් වගේ කියලයි ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් කියන්නේ.
මේ ඡායාරූපවල තියෙන විශේෂත්වය තමයි ඇයගේ සුපුරුදු චාම් සහ හුරුබුහුටි පෙනුමට අමතරව යම්කිසි සරාගී ආකර්ෂණයකුත් මේ ෆොටෝස් හරහා මනාව කැපී පෙනීම. සරාගී බවයි, බෝනික්කෙක් වගේ හුරුබුහුටි බවයි එකට කැටිවුණු මේ ඡායාරූප දැක්කම ඕනෑම කෙනෙක්ගේ ඇස් ඒ දිහාට නිරායාසයෙන්ම ඇදිලා යනවා නොඅනුමානයි.