ඇගේ තියෙන නිහතමානී බව වගේම ස්වභාවික ලස්සන නිසාම ලොකු කුඩා කොයි කවුරුත් ඇයට දක්වන්නේ පුදුම ආදරයක්.
ඉතින් නිතරම වගේ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන් එක්ක සමීපව කටයුතු කරන තිසුරි, පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම අපූරු ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා.
මේ ඡායාරූපවල ඇය හරිම ලස්සන, පින් පාට ගවුමකින් සැරසිලා ඉන්නවා දැකගන්න පුළුවන්. තමන්ගේ නිවසේ ඉඳන් බොහොම සැහැල්ලුවෙන් ගත්තු මේ ඡායාරූප පෙළට තිසුරි අපූරු ඉංග්‍රීසි සටහනකුත් එක් කරලා තිබුණා.
මගේ ප්‍රියතම තැන වන මගේ නිවසේදී, මගේ ප්‍රියතම ගවුමෙන්...
මේ අලංකාර ගවුම තිසුරිගේ සුරූපී බව වගේම චාම් බව තවත් වැඩි කරලා පෙන්වනවා කිව්වොත් නිවැරදියි. මේ ඡායාරූප අන්තර්ජාලයට එක් කරලා කෙටි වේලාවක් යන්නත් කලින් ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් හරිම ආදරෙන් කමෙන්ට් කරලා තියෙනවත් අපිට දැකගන්න ලැබුණා.
හැමදාමත් වගේ මේ විදියටම ලස්සනට, හිනාවෙලා ඉන්න අපේ ආදරණීය තිසුරිට අපිත් සුබ පතමු!