ඒ, ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියට හානි කිරීමේ චෝදනාව මත අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
අප වාර්තාකරු සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුට අයත් මෙම නිවස වෙත අදාළ පිරිස එකවරම ගල් ප්‍රහාර එල්ල කරමින් දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බවයි. එහිදී ඔවුන් නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය ද කඩා දමා හානි සිදුකර තිබෙනවා.
සිදුවීමත් සමඟ මහත් භීතියට පත් නිවැසියන් වහාම ක්‍රියාත්මක වී නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත දුරකථනය ඔස්සේ තොරතුරු ලබාදීමට කටයුතු කර තිබුණා.
ලැබුණු පණිවිඩයට අනුව වහාම ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩි පොලීසියේ විශේෂ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් පිරිස වටලා අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔවුන් සියලු දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.