එමෙන්ම පොලිස්පතිවරයාගේ නියෝග මත, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ (DIG) සෘජු අධීක්ෂණය යටතේ මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
පසුගිය දවස් කිහිපයේ සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණේ අත්අඩංගුවේ පසුවන තමන්ගේ පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින්, තරුණයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය ඇතුළට ගොස් දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරෙන අන්දම දැක්වෙන වීඩියෝවක්.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, අදාළ වීඩියෝවේ පියා ලෙස හඳුන්වා දෙන පුද්ගලයා අධික ලෙස බීමත්ව මහා මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම නිසා අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අයෙකු බවයි.
කෙසේ වෙතත්, පොලිසිය ඇතුළේ සිදුවූ මේ කලබලය සහ ඊට අදාළව නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් යම් පැහැරහැරීමක් සිදුව තිබේද යන්න ගැන දැන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.