අද ඇය ගැන කලා ලෝකය පුරාම ආයෙත් කතාබහක් නිර්මාණය වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.
ඒ තමයි, හෙළයේ ගීත කෝකිලාවිය වන විශාරද ආචාර්ය නන්දා මාලිනියන් සමඟ කුඩා අවධියේදී ගත් ඉතාම සුන්දර, අතීත ඡායාරූප කිහිපයක් හිමාලි සිය මුහුණුපොතට එකතු කර තිබීමයි.
කුඩා කාලයේදී නන්දා මාලිනියන්ගේ ආශීර්වාදය ලබමින් ගත් ඒ අපූර්ව මතකයන් ඇතුළත් ඡායාරූප පෙළ සමඟින් හිමාලි මෙලෙස සටහන් කර තිබුණේ හදවතටම දැනෙන විදියටයි.
"ඇය එක්ක...පොඩි සයුරංගි"
අතීතයේ සුන්දර මතකයන් යළිත් අවදි කරවන මෙම ඡායාරූප එකතුව දුටු බොහෝ දෙනෙක්, හිමාලිගේ මෙම සටහනට ඉහළ ප්‍රතිචාර දක්වා තිබුණා.ඔයාලත් බලන්නකෝ ඒ පින්තූර එකතුව කොහොමද කියලා...
