හැබැයි මේ හැමෝගෙම කුතුහලයට පිළිතුරු ලැබුණේ කවුරුත් නොහිතපු විදිහේ ඛේදනීය ආරංචියකින්. අතුරුදන් වෙලා හිටපු මේ දොස්තර මහත්තයාගේ මෘත ශරීරය අද (24) උදෑසන මහියංගනය ප්‍රදේශයෙන් හොයාගන්න ලැබිලා තියෙනවා.
ඊයේ උදෑසනත් සුපුරුදු විදිහට රෝහලේ රාජකාරියේ නිරත වෙලා හිටපු මේ වෛද්‍යවරයා ඉන්පස්සේ අතුරුදන් වෙලා තිබුණා. මේ ගැන පොලීසිය හොයලා බලද්දී මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන් වෙලා තිබුණේ වෛද්‍යවරයාගේ කාර් එක මහියංගනය පැත්තට යන විදිහයි.
පොලීසිය දිගටම කළ සෝදිසි කිරීම්වලින් පස්සේ, ඊයේ රෑ මහියංගනය, මාපාකඩ 17 කණුව හරියේ වියානා ඇළ අයිනේ අතහැරලා දාලා තිබුණු වෛද්‍යවරයාගේ වාහනේ හොයාගන්න ලැබුණා. ඉන්පසුව අද උදේ ප්‍රදේශවාසීන්, පොලීසිය සහ අපරාධ ස්ථාන නිලධාරීන් මෙන්ම යුධ හමුදාවත් එකතු වෙලා මේ අවට දැවැන්ත සෙවුම් මෙහෙයුමක් දියත් කළා.
මේ මෙහෙයුමේදී වාහනය නවත්වලා තිබුණු තැනට කිට්ටුවෙන් තියෙන කැලෑ රොදක තිබිලා වෛද්‍යවරයාගේ අජීවී සිරුර හොයාගෙන තියෙනවා. හැබැයි මේ මරණය ගැන ලොකුම සැකය මතුවෙලා තියෙන්නේ සිරුර ළඟ තිබිලා හොයාගත්ත දේවල් එක්කයි. මෘත ශරීරය අසල තිබී ඖෂධ පෙති වගයකුත් පොලීසියට හමුවෙලා තියෙනවා.
මෙය සියදිවි නසාගැනීමක්ද? එහෙමත් නැත්නම් මීට පිටුපසින් වෙනත් අභිරහසක් සැඟවිලා තියෙනවාද කියන එක ගැන මහියංගනය පොලීසිය මේ වෙද්දීත් පුළුල් විමර්ශනයක් අරඹලා තියෙනවා.