හැබැයි ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතන දෙමව්පියන්ට නම් මේක ලොකු සැනසීමක් වේවි. වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නවසීලන්ත රජය මේ වෙද්දී දැඩි තීරණයකට එළඹිලා තියෙනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් මහතා විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන අතර, මේ සම්බන්ධ නව නීති කෙටුම්පතක් කඩිනමින් නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි ඔවුන් පියවර ගනිමින් සිටින්නේ.
මේ නීතියේ තියෙන බරපතලම කාරණාව තමයි, මේ තහනම ගණන් ගන්නේ නැතුව අවුරුදු 16ට අඩු බාලවයස්කරුවන්ට ගිණුම් පවත්වාගෙන යන්න ඉඩ දෙන සමාජ මාධ්‍ය ජාලාවලට (ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වගේ) දැවැන්ත දඩයක් නියම කිරීම. අගමැතිවරයා පවසන විදිහට, එලෙස නීතිය කඩන සමාගම්වල මුළු 'ගෝලීය ආදායමෙන්' (Global Revenue) සියයට 10ක් දක්වා වූ අතිවිශාල දඩ මුදලක් අය කරන්නත් මේ පනතින් යෝජනා කරලා තියෙනවා.
ඒ කියන්නේ මේ තීරණයත් එක්ක මාක් සකර්බර්ග් වගේ සමාජ මාධ්‍ය දැවැන්තයින්ටත් මේක ලොකු හිසරදයක් වෙන බව නම් නිසැකයි.