මේ දෙන්නාගේ බැඳීම දිහා බලලා සතුටු වෙන, ඒ ආදරේට ආදරය කරන ලොකු රසික පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් පසුගියදා මේ ආදරණීය යුවළ තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මේ වෙද්දී මුළු සයිබර් අවකාශයම ආදරයෙන් පිරිලා ගිහින්.
ඔවුන් මේ අපූරු ඡායාරූප පෙළත් එක්ක එකතු කරලා තිබුණේ හදවතටම දැනෙන සංවේදී සටහනක්,
"ජීවිතේ ලස්සනම මොහොතවල් කියන්නේ, ආදරේ කරන කෙනා එක්ක හිත පිරෙන්න හිනා වෙන මේ වගේ පුංචි මොහොතවල්..."
ඇත්තටම ඒ වචන ටික කොයිතරම් අර්ථවත්ද කියලා මේ ඡායාරූප දිහා බලන ඕනෑම කෙනෙකුට දැනෙනවා නිසැකයි. කිසිම කෘත්‍රිම බවක් නැති, ආදරයෙන් පිරුණු ඒ හිනාව මේ දෙන්නාගේ බැඳීම කොයිතරම් ශක්තිමත්ද කියන එක ලෝකෙටම කියාපානවා.
ලොකු ලොකු දේවල් පස්සේ හඹාගෙන යන කාර්යබහුල ලෝකෙක, හිත පිරෙන්න හිනාවෙලා, තමන්ගේ ආදරවන්තයාගේ/ආදරවන්තියගේ තුරුලට වෙලා ගතකරන මේ වගේ පුංචි මොහොතවල් තමයි ජීවිතේට එකතු කරගන්න පුළුවන් වටිනාම මතකයන් වෙන්නේ කියලා මේ ඡායාරූප අපිට ආයෙමත් මතක් කරලා දෙනවා.
මේ ලස්සන ඡායාරූප ටික දැකපු ගමන්ම ඔවුන්ගේ රසිකයෝ ආදරණීය ප්‍රතිචාර දක්වන්න පටන් අරන්.හැමදාමත් මේ වගේම සතුටින් ආදරෙන් ඉන්න, ඇස්වහක් කටවහක් නැහැ, ලස්සන කපල් එක කියලා තමයි ගොඩක් දෙනෙක් මේ දෙන්නට සුබ පතලා තිබුණේ.