ඇයගේ රංගන හැකියාවට වගේම ඒ සුරූපී, අහිංසක පෙනුමටත් ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි. ඇයගේ ජීවිතේ අලුත් තොරතුරු දැනගන්න රසිකයොත් ඉන්නේ පුදුම උනන්දුවකින්.
ඔන්න ඉතින් නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්ක සම්බන්ධ වෙන වත්සලා, පහුගිය දවසක ඇයගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. මේ ඡායාරූප අරගෙන තියෙන්නේ ඇය පවුලේ හැමෝමත් එක්ක මැලේසියාවේ විනෝද චාරිකාවක් යන අතරතුරදීයි. සංචාරය අතරමැද පවුලේ අයත් එක්ක සතුටින් ගත කරන මේ සුන්දර අවස්ථාවන් වලදී ගත්තු මේ ෆොටෝ ටික නම් ඇත්තටම හරිම ආකර්ෂණීයයි.
මේ ෆොටෝ වල වත්සලාගේ පෙනුම වෙනදා වගේම හරිම ප්‍රියමනාපයි. ඒ වගේම පවුලේ හැමෝගෙම මුහුණුවල තියෙන සතුටත් මේ ඡායාරූප වලින් හොඳටම බලාගන්න පුළුවන්. මේ වෙද්දිත් ඇයගේ ෆේස්බුක් පිටුවේ පළ කරලා තියෙන මේ ඡායාරූප වලට රසිකයන්ගෙන් ආදරණීය ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.
ඉතින්, මැලේසියා යන ගමන් අරගත්තු වත්සලාගේ මේ අලුත්ම ලස්සන පවුලේ ඡායාරූප ටික දැකපු නැති අයට බලාගන්න අපිත් හිතුවා මේ විදියට ඒ ගැන පුංචි සටහනක් අරගෙන එන්න.