මිලියන 43 කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින මෙම ජාත්‍යන්තර පිටුවේ අපේ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ඡායාරූපයක් පළවීම මහත් ආඩම්බරයක්...
මෙලෙස ජාත්‍යන්තරයේ අවධානය දිනාගනිමින් CNN ෆේස්බුක් පිටුවේ පලවී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිලින කළුතොට කියන අපේ රටේ දක්ෂ ඡායාරූප ශිල්පියා විසින් කැමරා කාචයට හසුකරගත් අපූර්ව ඡායාරූපයකි.
ලෝක ප්‍රකට CNN නාලිකාව විසින් Perseid meteor shower (පර්සීඩ් උල්කාපාත වර්ෂාව) පිළිබඳ තැබූ විශේෂ සටහන සඳහා යොදාගෙන ඇත්තේ අපේ රටේ ඓතිහාසික සීගිරිය පසුබිම් කරගනිමින් රාත්‍රී අහස කැමරා කාචයට හසුකරගත් මනරම් ඡායාරූපයකි.
ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව නරඹන ජාත්‍යන්තර පිටුවක, ලංකාවේ අභිමානය වන සීගිරියත් සමඟ අපේ රටේ තරුණයෙකුගේ දක්ෂතාව මෙලෙස සටහන් වීම සැබවින්ම සමස්ත ශ්‍රී ලංකාවටම විශාල අභිමානයකි.