WhatsApp එකට කෙටි පණිවිඩයක් ආවත් ක්ලික් කරන්නේ නැතුව පරිස්සම් වෙන කෙනෙක්ද? හැබැයි ඔන්න දැන් කියන්න යන්නේ ඒ මොකුත් නොකරත් ඔබේ WhatsApp ගිණුම පිටස්තරයන්ගේ අතට යන බිහිසුණුම සයිබර් ප්‍රහාරයක් ගැන.
කිසිම Link එකක් ක්ලික් නොකර, කිසිම OTP එකක් කාටවත් නොදී, ඔබ කිසිම දෙයක් නොකර සිටියදී පවා ඔබේ WhatsApp ගිණුම අත්පත් කරගත හැකි 'Zero-Click' නමැති අතිශය සංකීර්ණ සහ දියුණු සයිබර් ප්‍රහාරයක් මේ වන විට ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.
විශේෂයෙන්ම iOS 16 මාදිලියේ iPhone උපාංගවල ඇති ආරක්ෂක දුර්වලතා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය ක්‍රියාත්මක වෙනවා.
වඩාත් භයානකම කාරණය වන්නේ මෙම Zero-Click ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් සහ ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පරිගණක හදිසිප්‍රතිචාර සංසදය වෙත මේ වන විටත් පැමිණිලි ඉදිරිපත් කර තිබීමයි. ඒ අනුව මෙම සයිබර් ප්‍රහාරය දැන් ශ්‍රී ලංකාව තුළද ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව තහවුරු වී තිබෙනවා.
ඉතාලියේ ප්‍රමුඛ ආරක්ෂක විශ්ලේෂණ ආයතනයක් කළ පර්යේෂණයකට අනුව, WhatsApp හි Linked Device Synchronization ක්‍රියාවලියේ ඇති ආරක්ෂක දෝෂ කිහිපයක් එකට භාවිතා කරමින් හැකර්වරුන් මෙම ප්‍රහාරය එල්ල කරන බවට සැක කෙරෙනවා.
මෙහි තිබෙන භයානකම දේ නම්, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන්ගේ WhatsApp ගිණුම්වලින් අන් අයට මුදල් ඉල්ලා පණිවිඩ යවා තිබුණත්, Phone එකේ Settings ඇතුළත කිසිදු සැකකටයුතු දෙයක් හෝ Linked Devices කිසිවක් නොපෙනීමයි. එපමණක් නොව, ඇතැම් අවස්ථාවලදී ප්‍රහාරකයින් විසින් මෙම පුද්ගලයන් සිටි WhatsApp Groups වල Admin අයිතිය පවා තමන් සතු කරගෙන තිබෙනවා.
විශේෂඥයන් පවසන්නේ iOS 16.7.12 ට පෙර සංස්කරණ සහිත iPhone උපාංග මෙම ප්‍රහාරයට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි.
ඔබේ iPhone එක සහ WhatsApp එක ආරක්ෂා කරගන්න වහාම මේ දේ කරන්න.
ඔබේ iPhone එක වහාම නවතම iOS සංස්කරණයට Update කරගන්න.
App Store වෙත ගොස් WhatsApp හි නවතම Update එක ලබාගන්න.
WhatsApp සෙටින්ග්ස් වෙත ගොස් Two-Step Verification වහාම සක්‍රීය (ON) කරගන්න.
වැදගත් සංවාද සඳහා Chat Lock පහසුකම භාවිතා කරන්න.
ඔබේ හිතවතෙකු WhatsApp හරහා හදිසියේ මුදල් ඉල්ලුවොත්, වෙනත් දුරකථන ඇමතුමක් මාර්ගයෙන් එය තහවුරු කරගැනීමෙන් තොරව මුදල් යැවීමෙන් වළකින්න.
මූල්‍ය වංචා සිදුකරන ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් මෙවැනි Zero-Click තාක්ෂණයන් වැඩි වශයෙන් භාවිතා කිරීමට පටන් ගෙන ඇති බැවින්, ඔබේ ජංගම දුරකථනය සහ Apps නිරන්තරයෙන් Update තබාගැනීම එකම විසඳුම බව සයිබර් ආරක්ෂක විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කරනවා...