අනාගතය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන ජීවිතය අලුතින් පටන් ගත්ත, හරිම ආදරෙන් හිටපු තරුණ යුවළකට මුහුණ දෙන්න වුණු හදවත් කම්පිත කරවන පුවතක් ගැන අද සමාජ මාධ්‍ය පුරාවටම දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මීට මාස දෙකකට පමණ පෙර සිටම මෙම පෙම්වතියගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දැකගත හැකි වූයේ දැඩි සත්කාර ඒකකයේ (ICU) අසනීප තත්ත්වයෙන් පසුවූ ඇගේ ආදරණීය සැමියා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් තැබූ සංවේදී සටහන්. රෝහල් ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ ඇගේ පණ වැනි සැමියා නැවතත් තමන් ළඟට ඒවි යන අහිංසක, දැඩි බලාපොරොත්තුව ඇය තුළ නොඅඩුව පැවතුණා.
නමුත් අද වන විට ඒ සියලු අහිංසක බලාපොරොත්තු සහ සිහින සොහොන් බිමක තනි කරමින් ඇගේ ආදරණීය සැමියා සදාකාලිකවම දෑස් පියාගෙන අවසන්.
දවසක අපි ආදරේ කරන මිනිස්සුන්ව දාලා අපිට යන්න වෙනවා, නැත්නම් ඒ අයට අපිව දාලා යන්න වෙනවා කියන සසරේ කටුක යථාර්ථය අපිට නැවත නැවතත් මතක් කර දෙමින් ඇය අද තනි වී සිටිනවා. කොතරම් වේදනාකාරී වුවත් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්නට ඇයට අද සිදුව තිබෙනවා.
තමන්ගේ ආදරණීය සැමියාගේ වෙන්වීමෙන් අනතුරුව, ඒ අසීමිත වේදනාව දරාගනිමින් ඇය තැබූ හදවත් පාරවන මුහුණු පොත් සටහනයි මේ..
"අවුරුදු 9ක ආදරයකින් පස්සේ මගේ ජීවිතේ ලස්සනම හීනය වුණේ ඔයා. ඒත් අපි දෙන්නගෙ එකට ඉන්න ලැබුන ජීවිතය මෙච්චර කෙටි වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ.
අන්තිම මොහොත වෙනකල්ම ඔයා වෙනුවෙන් මම සටන් කළා. ඔයත් සටන් කළා. ඒත් අද ඔයා නිදහසේ නිදාගෙන… ඔයා මට මහත්තයෙක් විතරක් නෙවෙයි. මගේ හොඳම යාළුවා, මගේ ආරක්ෂාව, මගේ හුස්ම, මගේ මුළු ලෝකය.
නිවන්සුව නම් කියන්නෙ නෑ මගෙ මහත්තයො. මම එනකම් පරිස්සමට ඉන්න මගෙ හුස්ම... ඔයා වෙනුවෙන් කරන්න තියෙන දේ කරල මම එනව පන ඔයා ලඟට අපිව වෙන්කරන්න බෑ කාටවත්.
කොහේ හිටියත් සැනසීමෙන් ඉන්න මගේ පණ මම එනකම් ... හැමදාමත් මම ඔයාට ආදරෙයි. මතකයිනෙ "මිහී නැතුව චාරු නෑ" මම එනකම් පරිස්සමෙන් ඉන්න"