ඊට අමතරව, ඔවුන්ට පැය පනහක (50) කාලයක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසත්, එම ප්‍රජා සේවය ඔවුන් පදිංචි නිවස අසල පිහිටි උඩුවර විහාරස්ථානයේ සිදු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපූරු නියෝගයක් නිකුත් කළා.
මෙලෙස අත්හිටුවූ සිර දඬුවම් සහ ප්‍රජා සේවය හිමි වූයේ අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි මහලු කාන්තාවකට, ඇගේ දියණියගේ දියණියන් දෙදෙනාට සහ අසල්වැසි තවත් පුද්ගලයෙකුටයි.
උඩුවර විහාරස්ථානය අසල නිවසක කාලයක තිස්සේ මෙම මහලු කාන්තාව විසින් බූරුපිටියක් පවත්වාගෙන යන බවට අඟුරුවාතොට පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුවයි එම නිවස වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී එහි බූරු ගසමින් සිටි තවත් කිහිපදෙනෙකු පලා ගොස් ඇති අතර, ඒ අතරින් එක් අයෙකු පලායාමේදී ඇදවැටී හිසට මැහුම් 04ක් දැමීමට පවා සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසුව, ඔවුන්ට ධර්මය පිළිබඳ අවබෝධ කරදීම සඳහා විශේෂ ප්‍රකාශයක් සහ දේශනයක් පැවැත්වීමටද ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබුණා.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.