ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිතරම රසිකයන් එක්ක සුන්දර මතකයන් බෙදාහදා ගන්නා කෙනෙක්.
ඔන්න ඇයගේ මුහුණු පොතේ පසුගියදා සටහන් වී තිබුණේ, හදවතට තදින්ම දැනෙන, අතීතයේ සොඳුරු මතකයක් නැවත අවදි කරවන අතිශය සංවේදී සටහනක්.
පසුගියදා අප අතරින් සමුගත්, සිංහල සිනමා සංගීතයටත් අපූර්ව මතකයන් ඉතිරි කළ සුප්‍රසිද්ධ ඉන්දීය ගායිකා ජමුනා රාණි මහත්මිය වෙනුවෙනුයි ඇය මේ මතකය අවදි කර තිබුණේ.
එදා තමන් පාසල් ශිෂ්‍යාවකව සිටියදී ජමුනා රාණි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඇයව මුණගැසුණු දුර්ලභ ඡායාරූපයක්ද එකතු කරමින් චතුරිකා තැබූ සටහන මෙන්න...
''පසුගියදා අප අතරින් සමුගත් සුප්‍රසිද්ධ ඉන්දීය ගායිකා ජමුනා රාණි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක, එවකට පාසල් ශිෂ්‍යාවක වූ මා හට ඇයව මුණගැසුණු ඒ සොඳුරු මොහොත අදටත් මතකයේ රැඳී තිබෙනවා.
ඇය වයස අවුරුදු 15ක් තරම් වූ කුඩා වයසේදීම සිංහල ගීතයක් ගායනා කළ පළමු ඉන්දීය ගායිකාව ලෙස ඉතිහාසයට එක්වුණා. ඒ, 1953 වසරේ තිරගත වූ ‘සුජාතා’ චිත්‍රපටය වෙනුවෙන්, මහා සංගීතවේදී ආනන්ද සමරකෝන් මහතා සමඟ එක්ව කළ ගායනයක්.
කාලය ගෙවී ගියත්, ඒ සොඳුරු මතකයන් කිසිදා මැකී යන්නේ නැහැ. සොඳුරු මතකයන් සැමදාමත් රන් මෙන් වටිනවා…''
කාලය කෙතරම් වේගයෙන් ගෙවී ගියත්, කුඩා කාලයේ ජීවිතයට එකතු වුණු මෙවැනි අසිරිමත් අත්දැකීම් සහ මතකයන් කිසිදා මිය යන්නේ නැති බවයි චතුරිකාගේ මේ ආදරණීය සටහනින් රසිකයන්ට නැවතත් මතක් කර දෙන්නේ...