ඇගේ රංගන කුසලතාවයට වගේම ඇගේ රූ සපුවටත් ආදරය කරන දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ ඉන්නවා. කාලෙන් කාලෙට අලුත් විදිහේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන ශලනි ගැන මේ දවස්වලත් අන්තර්ජාලය පුරාම කතාබහක් නිර්මාණය වෙලා.
ඒකට හේතුව තමයි පසුගිය දවසක කැනඩාවේ සංචාරයක නිරත වුණු ශලනි, ඇගේ මුහුණුපොතට එක් කරලා තිබුණු අපූරු ඡායාරූප පෙළ.
කැනඩාවේ ලස්සන පරිසරය මැද අපූරුවට හැඩවෙලා හිටපු ශලනිගේ මේ ඡායාරූප දැක්කම නම් ඕනෑම කෙනෙක්ට දෙපාරක් නොහිතා ආදරේ හිතෙන තරමටම ඇය සුන්දරයි. ඒ වගේම ඇය මේ ලස්සන ඡායාරූප පෙළත් එක්ක අපූරු සටහනකුත් තියන්න අමතක කරලා තිබුණේ නැහැ.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..
"හොඳම මානසික සුවය ලැබෙන්නේ නැවුම් වාතය සහ හිරු එළියත් එක්කයි" කියලා තමයි ඇය ඉන් අදහස් කරලා තිබුණේ.
කාර්යබහුල ජීවිතයෙන් මිදිලා කැනඩාවේ නිදහස් පරිසරය මැද, නැවුම් හුළඟක් විඳිමින් හිරු එළියත් එක්ක උපරිමයෙන් නිවාඩුව ගත කරන ශලනිගේ මේ ඡායාරූපවලට මේ වෙද්දිත් ෆේස්බුක් එකේ ඇගේ රසික රසිකාවියන්ගෙන් විශාල ලයික්ස්, කමෙන්ට්ස් ප්‍රමාණයක් වගේම ආදරණීය ප්‍රතිචාර රැසක් ලැබෙමින් පවතිනවා.