තමන්ගේ නිර්මාණ කෙරෙහි තදින් අල්ලා නොගනිමින්, නවක පරපුරට සහ සංගීත කණ්ඩායම්වලට පෙරට එන්නට පාර කපා දෙමින් ඔහු තැබූ මෙම සටහන මේ වන විට සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙමින් පවතිනවා.
ඔහු තැබූ ඒ ආදරණීය සටහන මෙසේය:
"මා පණිවිඩකාරයෙකි, ගායනය මා සතු වගකීමයි. මා නිර්මාණය කළ සහ ගායනා කළ සියලු ගීතවල අයිතිය ඔබටයි, මේ රටටයි. කැමති සංගීත කණ්ඩායම්, නවක තරුණ තරුණියන්ට මගේ ගීත පරිහරණය කිරීමේ අයිතිය ඇත... මා දන්නා සමාගමක්ද නැත, තිබුණත් මට ඵලක් නැත. ඔබට සුබ දවසක්!"