ඔහුගේ මේ හදිසි නික්ම යාම ගැන සංවේදී වූ ඔහුගේ විශ්වවිද්‍යාල කාලයේ සමීපතම මිතුරෙකු, ඔවුන්ගේ අතීත සුන්දර මතකයන් සහ ඡායාරූපද එකතු කරමින් මුහුණු පොතට තැබූ සංවේදී සටහනක් මේ වන විට බොහෝ දෙනෙකගේ නෙතඟට කඳුළක් එකතු කර තිබෙනවා.
එම සටහන පහතින් බලන්න...
"මචං බෙංගා , අපි එකට හිනා වුන... එකට සිහින දැකපු, එකට ගත කළ ඒ සුන්දර විශ්වවිද්‍යාල මතකයන් අදත් මේ ඡායාරූප අතර ජීවමානයි…
ඒත් අද, උඹ අපෙන් මෙහෙම ඉක්මනට සමුගෙන යයි කියලා අපි කවදාවත් හිතුවෙ නෑ බන්.
ආදරණීය මිතුරාණෙනි, ඔබ අප සමඟ ගත කළ ඒ සුන්දර මතකයන් කිසිදා මැකී නොයනු ඇත. උඹගෙ සිනහව, උඹගෙ මිත්‍රත්වය සහ අපි එකට ගත කළ ඒ කාලය අපේ හදවත් තුළ සදා රැදිල තියෙයි.
ඒත් උඹගෙ ජීවිතයේ මේ අනපේක්ෂිත සමුගැනීම පිළිගන්න අමාරුයි බන්…ගිය සතියෙ කතා කරලා.. දඹුල්ලෙ ගෙට් එක ගමු බන්.. මන් busy ඒකයි අවුල බන් කීවා... ඒ කියල දවස් ගානකින් පුදුම get එකක් බන් උඹ ගත්තේ....
කොච්චර කතා කීවත් උඹ එන්නෙ නෑ...සුබ ගමන් මචන්… උඹට නිවන් සුව ලැබේවා!"