තිරය පිටුපස තියෙන ඇගේ ජීවිතේ රසවත් කතා ගොඩක් පසුගියදා 'හිරු හිතක මතක' වැඩසටහනට ආපු වෙලාවේ මිෂෙල් ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගත්තා. හැබැයි මේ කතාබහ අතරතුර නිවේදකයා අහපු එක ප්‍රශ්නෙකින් නම් මිෂෙල් සෑහෙන්න අමාරුවේ වැටුණා කිව්වොත් නිවැරදියි.
ඇය මුලින්ම රංගනයට එන කාලේ කැමරාවක් ඉස්සරහට යන්න ලොකු චකිතයක් තිබිලා තියෙනවා. හැබැයි රංගනය හදාරන කාලෙදීම කැමරා ලෙන්ස් ගැන, ලයිට් කට් වෙන්නේ නැති වෙන්න ඉන්න විදිහ සහ දෙබස් මතක තියාගන්න විදිහ වගේ ටෙක්නිකල් දේවල් ගැන මිෂෙල් හොඳටම ඉගෙනගෙන තිබුණා. ඒ දේවල් ඇයට ගොඩක් උදව් වුණත්, ජීවිතේ පළමු වතාවට කැමරාව ඉස්සරහදී අධ්‍යක්ෂකවරයා ඇක්ෂන් කියද්දී නම් ඇයට දැනෙන්න ගත්තේ හරියට ඇඟ ඇතුළෙන් සුනාමියක් එනවා වගේ හැඟීමක්ලු. කොච්චර බයක් දැණුනත් එළියට නොපෙන්නා ඇඟ ඇතුළෙන් තමන් එදා හොඳටම වෙව්ලුවා කියලා තමයි මිෂෙල් ඒ අතීතය මතක් කරමින් කිව්වේ.
සමාජයට හොඳ පණිවිඩයක් දෙන, තමන්ට සාධාරණයක් කරන්න පුළුවන් චරිත විතරක් තෝරගන්න මිෂෙල්ට, රඟපාන්න ආසාවෙන් ඉන්න හීන චරිතයකුත් තියෙනවා. ඒ තමයි ලාංකේය සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ චරිතයක්. විශේෂයෙන්ම මාලනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙණිය රංගනයෙන් දායක වුණු ආරාධනා චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා නිරූපණය කළ චරිතය වගේ එකක් කරන්න ලැබෙනවා නම් ඇය ගොඩක් කැමතියිලු.
කොහොම වුණත් මේ වැඩසටහනේ උණුසුම්ම තැන වුණේ නිවේදකයා මිෂෙල්ගෙන් ඔබට ගැළපෙනම නළුවා කවුද? කියලා අහපු වෙලාවයි. මිෂෙල් ඒකට උත්තර දෙන්න ටිකක් මැලිවෙලා ඒ තීරණය ප්‍රේක්ෂකයින්ට බාරදෙන්න හැදුවත්, නිවේදකයා කොහොමහරි ඇයට ලංකාවේ ජනප්‍රියම නම් තුනක් දුන්නා. ඒ තමයි හේමාල් රණසිංහ, පුබුදු චතුරංග සහ සාරංග දිසාසේකර. මේ අයගෙන් කවුරු ලැබුණොත් හොඳයිද කියලා අහපු වෙලාවේ මිෂෙල් ඒ ප්‍රශ්නෙන් හරි අපූරුවට ලිස්සලා ගියා. ''අයියෝ එහෙම එක්කෙනෙක් තෝරන්න බැහැ, ඒ තුන්දෙනාම ගොඩක් දක්ෂයි, තුන්දෙනාටම තියෙන්නේ වෙනස්ම හැකියාවන් තුනක්" කියපු ඇය සාරංග දිසාසේකර එක්ක විතරක් නිර්මාණයක වැඩ කරලා තියෙන බවත්, හේමාල් සහ පුබුදු එක්ක තාම වැඩ කරන්න අවස්ථාවක් නොලැබුණු බවත් මතක් කළා.
ඉතින් මේ දක්ෂයින්ගෙන් එක්කෙනෙක්ව තෝරන්නේ නැතුව, "මම තුන්දෙනා එක්කම නිර්මාණ තුනකට සම්බන්ධ වෙනවා" කියලා තමයි මිෂෙල් මේ අමාරු ප්‍රශ්නෙන් ලස්සනට බේරුණේ!