මේ වන විටත් දිස්ත්‍රික්ක ගණනාවකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර අවසන්.
විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 6කට 3 වැනි මට්ටමේ (රතු) අධි-අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර, අනතුරුදායක ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසයි බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.
වහාම ඉවත් විය යුතු රතු එළිය දැල්වුණු ප්‍රදේශ (මට්ටම 3)
ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට උපරිම විමසිල්ලෙන් සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් දැනුම් දෙනවා:
ගාල්ල: නෙළුව
කළුතර: වලල්ලාවිට
මහනුවර: පස්බාගේ කෝරළේ
කෑගල්ල: මාවනැල්ල, දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල, අරණායක
නුවරඑළිය: නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර
රත්නපුර: රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
සූදානමින් සිටින්න! තැඹිලි නිවේදන නිකුත් වූ කලාප (මට්ටම 2)
අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතු 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් පහත ප්‍රදේශ වෙත නිකුත් කර තිබෙනවා:
කොළඹ: පාදුක්ක
ගාල්ල: නාගොඩ, තවලම
කළුතර: පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර: ගඟඉහළ කෝරළේ, උඩපළාත
කෑගල්ල: වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
මාතර: අකුරැස්ස, අතුරලිය, කොටපොළ, පිටබැද්දර
නුවරඑළිය: තලවාකැලේ
රත්නපුර: පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත
විමසිලිමත් විය යුතු කහ නිවේදන (මට්ටම 1)
මීට අමතරව පළමු මට්ටමේ අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ:
කොළඹ: සීතාවක
ගාල්ල: නියාගම, බද්දේගම
ගම්පහ: මීරිගම, අත්තනගල්ල
මහනුවර: යටිනුවර, පාතදුම්බර, දොළුව, උඩුනුවර
කෑගල්ල: රඹුක්කන
කුරුණෑගල: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර: පස්ගොඩ
රත්නපුර: ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ
කඳු බෑවුම් ආශ්‍රිතව පොළොව ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම්, හදිසියේ උල්පත් මතුවීම් වැනි පූර්ව නායයෑම් ලක්ෂණ දුටු සැනින් ප්‍රදේශයෙන් ඉවත් වන්න. මේ ප්‍රදේශවල ජීවත් වන ඔබේ හිතවතුන් සහ පවුලේ අය දැනුවත් කරන්න!