ජනාධිපතිවරයා කියන්නේ ඒ විනාශ වුණු සෑම නිවසකටම ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් මුදලක් ලබාදෙන්න කටයුතු කරනවා කියලයි.
“ආණ්ඩුවට වසර දෙයි රටට සුබයි” තේමාවෙන් මාතර අකුරැස්සේ අද (20) පැවැත්වුණු දැවැන්ත මහජන රැළිය අමතමින් තමයි ජනාධිපතිවරයා මේ විශේෂ ප්‍රකාශය කළේ.
දැනට කරලා තියෙන ඇස්තමේන්තුවලට අනුව හානියට පත් වුණු නිවාස 25,000ටම අලුතින් නිවාස හදාගන්න මේ විදියට ලක්ෂ 50 බැගින් දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.