කෑගල්ල, රුවන්වැල්ල - බූලත්කොහූපිටිය පාරේ, පොල්කටු වංගුව අසලදී අද (20) තමයි මේ අනපේක්ෂිත අනතුර සිදුවෙලා තියෙන්නේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තියෙන්නේ අම්පාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඇදහැලුණු අධික වර්ෂාවත් එක්ක රිටිගහ ඔයේ වතුර මට්ටම සෑහෙන්න ඉහළ ගිහින් තිබිලා තියෙනවා. ඒ වෙලාවේ ඔය අයිනේ තිබුණු බැම්මක් මත සිටි මේ පුද්ගලයාත් එක්කම පස්කණ්ඩිය කඩාගෙන ගිහින් ඔයට ඇද වැටීමෙනුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ.
අනතුර සිදුවීමත් එක්කම ප්‍රදේශවාසීන් සහ පොලීසිය එකතුවෙලා කරපු මෙහෙයුමකින් පස්සේ තමයි ඔහුගේ දේහය සොයාගන්න හැකිවෙලා තියෙන්නේ.