අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම හද කම්පා කරවන ඛේදවාචකය මුළු රටම ශෝකයට පත් කළා.
මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි.
නිවසක් මතට කඩා වැටුණු පස් කන්දකට යටවී එකම පවුලේ සිව්දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව මුදාගැනීමේ සහන මෙහෙයුම් අවසන් වීමෙන් පසු තහවුරු වුණු.
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ සහන කණ්ඩායම් දැඩි කැපවීමකින් සිදු කළ සෙවීම් මෙහෙයුම්වලදී පළමුව එක් අයෙකුගේ දේහය සොයාගත් අතර, පසුව අනෙක් තිදෙනාගේ දේහද සොයා ගැනීමට හැකිවුණා.
මෙලෙස අහිංසක ජීවිත හතරක් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවත්, ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටි බවයි වාර්තා වෙන්නේ. එකම මොහොතක අප අතරින් සමුගෙන ඔවුන්ට නිවන් සුව ලැබේවා..!