අද දින ඉර උදාව පෙරවරු 06.01 ට සිදුවන අතර ඉර බැසීම පස්වරු 06.15 ට සිදුවීමට නියමිතයි. විශේෂයෙන්ම කිසියම් සුබ වැඩක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, අද දවසේ රාහු කාලය උදෑසන 07.31 සිට 09.01 දක්වා පවතින බවත් මතක තබාගන්න.
ලග්න 12 ටම අදාළ අද දවසේ පලාපල විස්තරය මෙන්න..
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස ඉතාමත් යහපත් වන අතර, ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය අද දවසේ ඉතා සතුටුදායක අයුරින් ගතවෙන බව පෙන්වා දෙනවා.
මිථුන ලග්නය
අද දවසේ යම් යම් තීරණ ගැනීමේදී සහ වැඩ කටයුතු කිරීමේදී ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම මිථුන ලග්න හිමියන්ට වඩාත් සුදුසු වෙනවා.
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබට අද ඉතාමත් වාසනාවන්ත දවසක් වනු ඇති.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ට තමන්ගේ ඉදිරි ගමනට ඇතිවන බාධක ජය ගැනීමේ විශේෂ හැකියාවක් අද දවසේ හිමිවෙනවා.
කන්‍යා ලග්නය
ඔබ අද සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි, මන්ද බෙල්ල සහ උගුර ආශ්‍රිත ආබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා.
තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් අයට තමන්ගේ රැකියා කටයුතුවල නිරත වීමට අද දවස ඉතාමත් සුබදායකයි.
වෘශ්චික ලග්නය
ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත් වන අතර, අද දවසේ උදාරාබාධ ඇති විය හැකියි.
ධනු ලග්නය
අධ්‍යාපන කටයුතුවල නිරත වන ධනු ලග්න හිමියන්ට අද දවස ඉතාමත් සුබදායක දිනයක්.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ට අද දවසේ විවිධ කටයුතු සඳහා දුර ගමන් යෙදීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.
කුම්භ ලග්නය
ඔබ අද දිනයේ යම් යම් ගමන් බිමන්වල යෙදෙනවා නම්, ඒ ගමන්වලදී ප්‍රවේසම් වීම ඉතා වැදගත්.
මීන ලග්නය
මීන ලග්න හිමියන් අද දවසේ වඩාත් කල්පනාකාරී විය යුතුයි, විශේෂයෙන්ම හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්නැයි උපදෙස් දෙනවා.