ඇයගේ ආකර්ෂණීය පෙනුමත්, අති දක්ෂ රංගන කුසලතාවයත් නිසාම ඇයට ආදරය කරන දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ ඉන්නවා.
පසුගිය දවසක අභිලාෂි ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු ඡායාරූප පෙළක් නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාම ඇය ගැන ලොකු කතාබහක් ඇතිවෙලා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, නෙත් පිනවන හරිම ලස්සන සාරියකින් සැරසිලා ගත්ත අපූරු ඡායාරූප පෙළක් ඇය විසින් එලෙස මුහුණුපොතට එක් කර තිබීම නිසයි.
සාමාන්‍ය ඇඳුම්වලට වඩා සාරියෙන් සැරසුණාම අභිලාෂිගේ ලස්සන දෙගුණ තෙගුණ වෙලා පේනවා කියලයි මේ ෆොටෝ දැක්ක ඇගේ රසිකයින් නම් කියන්නේ. ඊටත් වඩා මේ ඡායාරූපවලට ඇය දීලා තියෙන හුරුබුහුටි, අහිංසක හිනාව කාගෙත් හිත නතර කරවන සුළුයි.
ඇගේ ලස්සන තවත් වැඩිකරන මේ මනමාල හිනාවට වසඟ වුණු රසිකයින්ගේ ආදරණීය ප්‍රතිචාර මැද, මේ අලුත්ම සාරි ඡායාරූප ටික මේ වෙද්දී අන්තර්ජාලය පුරාම වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.



