සහජ සුන්දරත්වයත්, නිරවුල් සිනහවත් නිසාම ඇය සමාජ මාධ්‍ය තුළ නිතරම රසිකයන් අතර කතාබහට ලක්වන චරිතයක්.
පසුගිය දවසක කවීර්ණා ඇගේ නිල ෆේස්බුක් ගිණුමට එකතු කර තිබූ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙනකොට කාගෙත් නෙත් සිත් පැහැරගනිමින් ලැව්ගින්නක් සේ පැතිර යනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, සැබෑ ජීවිතයේ ජීවමාන බෝනික්කියක් සිහිගන්වන තරම් අතිශය මනස්කාන්ත විලාසිතාවකින් ඇය හැඩවී සිටීම නිසයි.
රෝස පැහැති අලංකාර ගවුමකින් සැරසී, අතෙහි නැවුම් මල් පොකුරක්ද රඳවාගෙන සිටින කවීර්ණාගේ පෙනුම හරියට සුරංගනා ලෝකයකින් මෙහි පාතබාපු කුමාරිකාවක් වගේ. රෝස පැහැය ඇගේ පැහැපත් සම සමඟ මනාව මුසු වී ඇති ආකාරයත්, මුහුණේ ඇඳිලා තියෙන ඒ නිවුණු අහිංසක සිනහවත් මේ ඡායාරූප පෙළ තවත් අලංකාර කරනවා.
බලන්නකෝ ලස්සන..