හිරු ටීවී ඔස්සේ විකාශය වන 'රොන් සොයා' ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක හදවත්වලට සමීප වුණු ඇය, ඉතා කෙටි කලකින් මුළු ලංකාවම දන්නා, ආදරය කරන ජනප්‍රිය තරුවක් බවට පත්වුණා.
ඇගේ නිහතමානී ගතිපැවතුම් මෙන්ම සහජ රංගන කුසලතාවය නිසාම රසික ආකර්ෂණය නිරන්තරයෙන්ම ඇය වෙත හිමිවෙනවා. මේ අතර කවීර්ණා පසුගියදා ඇගේ නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ අපූරු ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.
ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඇය ඇගේ ආදරණීය සහෝදරයා සමඟ ලබාගත් ඉතාමත් සුන්දර සහ හැඩකාර ඡායාරූප කිහිපයක් රසිකයින් අතරට මුදාහැරීමත් සමඟයි. මේ ඡායාරූපවල කවීර්ණා පෙනී සිටින්නේ වෙනදාටත් වඩා මාරම ලස්සන, නැවුම් සහ ආකර්ෂණීය පෙනුමකින්. සහෝදර බැඳීමේ තියෙන අපූරු සුන්දරත්වයත් එක්කම ඇගේ හිත පිරෙන සිනහව මේ ඡායාරූපවල කැපී පෙනෙන ලක්ෂණයක් වුණා.
ඡායාරූප දුටු බොහෝ රසිකයින් ඇගේ සුන්දරත්වයට මෙන්ම සහෝදර බැඳීමටත් සුබපැතුම් සහ ආදරණීය ප්‍රතිචාර එකතු කරමින් සිටිනවා.
සමාජ මාධ්‍යම ආදරයෙන් වැළඳගත්තු කවීර්ණාගේ සහ ඇගේ ආදරණීය සහෝදරයාගේ ඒ සුන්දර මතක පෙළ පහතින් නරඹන්න.