Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
26
"ළහිරුගේ ප්‍රශ්නේ එතැනදී විසදුන නිසා මට රැකියාවක් කරන්න අවසර ලැබුණා.." - ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නගේ බිරිඳ කියයි

- "ළහිරුගේ ප්‍රශ්නේ එතැනදී විසදුන නිසා මට රැකියාවක් කරන්න අවසර ලැබුණා.." - ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නගේ බිරිඳ කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

776 Views
"ඒ අදහස ඇතුව තමයි මම රැකියාවක් කරන්න තීරණය කළේ.."

"සමහර වෙලාවට ළහිරුත් මට බනිනවා.."

ළහිරු තිරිමාන්න කියන්නේ කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමත් එක්ක එකතු වී ජාත්‍යන්තර පන්දු යවන්නන් පිතිකරණයෙන් අසරණ කළ දක්ෂ පිතිකරුවෙක්. එක්දින ජාත්‍යන්තර පිටිය පමණක් නොව ටෙස්ට් පිටියත් පන්දුවාර විස්සයි විස්ස තරග සදහාත් එක සේ දක්ෂතා දැක්වූ ළහිරු ගැනත් ඒ ආදරණිය පවුල ගැනත් කතා කරන්න ඔහුගේ ආදරණිය බිරිද රුක්ෂානි හරිශ්චන්ද්‍ර අපිත් එක්ක එකතු වුණා. මේ ඒ සොදුරු කතාබහ ගැනයි.

රුක්ෂානි කොහොමද ජිවිතේ..?
ජිවිතේ හොදින් සතුටින් ගෙවීගෙන යනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිදක් වුණු නිසා ගෙදර තහනම් වචනය ක්‍රිකට්ද..?
එදා වගේම අදත් ගෙදර තහනම් වචනය ක්‍රිකට් තමයි. අපි ක්‍රිකට් ගැන එතරම් විස්තර හෝ අවබෝධයක් නැති නිසා ළහිරු ඒ ගැන ගෙදරදී කතා කරන්නේ නැති තරම්. අපිත් එක්ක කතා කරලා වැඩකුත් නැහැ කියලා එයාට හිතෙනවා ඇති. සමහර වෙලාවට මම තරගයක් නරඹලා පන්දු යවන්නා ගැන හරි පිතිකරුවා ගැන හෝ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට අදාළව විතරක් කෙටියෙන් උත්තරයක් දෙනවා. එහෙම නැතුව ක්‍රිකට් ගැන තියෙන සේරම ප්‍රශ්න අපිත් එක්ක කතා කරන්නේ නැහැ.

ක්‍රීඩා ලෝලීන් හිතන්නේ ළහිරු වැඩිය කතාබහක් නැති නිහඩ චරිතයක් කියලා. ඇත්තටම පවුලේ අයත් එක්කත් නිහඩ ජිවිතයක්ද ඔහු ගත කරන්නේ..?
ළහිරු කොහොමත් වැඩිය සද්දයක් නැහැ. මම වැඩියෙන් කතා කරන චරිතයක්නේ. අවශ්‍ය දේවල් කතා කරනවා. ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර ආව ගමන්ම එයා පුතා එක්ක කාලය ගත කරනවා. අපේ පුද්ගලික ජීවිතේදී අපි සාමාන්‍ය විදිහට කතාබහ කරලා සතුටින් ජිවත් වෙනවා.

ළහිරු තවමත් ක්‍රිකට් එක්ක කාර්යබහුලයි..?
ටෙස්ට් සංචිතයේ එයා ඉන්නවා. ඒවායේ පුහුණුවීම්වල නිරත වෙනවා. දවස් පහම පුහුණුවීම්වලට යනවා. ඒ වගේම ක්ලබ් මැච් වලටත් සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට ක්ලබ් මැච් තියෙන්නේ සිකුරාදා හා සති අන්තයේ. ඒ වගේ වෙලාවට ළහිරු සතියම කාර්යබහුල වෙනවා. එහෙම නැතිනම් එයා ගෙදර ඉන්නවා.

සැමියාගේ කාර්යබහුල ජිවිතේ එක්ක ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක විවාහ වුණේ අපරාදේ කියලා දැන් හිතෙන්නේ නැද්ද..?
කොහෙත්ම නැහැ. මට එදා එහෙම හිතුණෙත් නැහැ. අද එහෙම හිතෙන්නෙත් නැහැ. පුළුවන් හැම වේලාවකම එයා පවුල් ජිවිතේට මුල් තැන දෙනවා. එයාගේ කාර්යබහුලකම අපිට තවම දැනෙන්න ඉඩහැරලා නැහැ. පොඩි අඩුපාඩුවකට වෙන්නේ අපි දෙන්නා සම්බන්ධ වෙන්න තියෙන උත්සව අවස්ථා මගහැරෙන එක විතරයි. ඒ වගේ අපහසුතා නිසා මට තනියම යන්න බැරි තැන් තියෙනවා. වෙන ගැටළු නම් නැහැ.

පියාගේ ක්‍රීඩා උරුමය ඉදිරියට ගෙනියන්න පුතෙක් ඉන්නවා නේද..ක්‍රිකට්වලට කොහොමද පුතාගේ ප්‍රතිචාර..?
පුතාගේ වයස අවුරුදු තුනයි. පුතාගේ නම ලිවාන් රශ්නුක. දැන් එයා පෙරපාසල් යනවා. ඇත්තම කිව්වොත් පුතා ක්‍රිකට්වලට වඩා කාර් වලට ආසයි. එයාට එක එක වර්ගයේ කාර් ගොඩක් ගෙනත් දීලා තියෙනවා. ඒවා එක්ක තමයි පුතාගේ සෙල්ලම් වෙලාව ගෙවෙන්නේ. කවුරුහරි තාත්තා කෝ කියලා පුතාගෙන් ඇහුවොත් තාත්ති ප්‍රැක්ටිස් ගියා කියලා පුතා කියනවා. ඒ හැරෙන්න ක්‍රිකට් තරග බලලා තාත්ති ඉන්නවා කියනවා. නමුත් ක්‍රිකට්වලට ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. ලොකු වුනහම මොනවා කරයිද දන්නේ නැහැ ඉතින්. දැනටනම් එහෙම කැමැත්තක් නැහැ.

පුතත් ළහිරු වගේ නිහඩ චරිතයක්ද..?
පුතා හරිම දගයි. නමුත් ළහිරු පොඩි කාලේ යාළුවො එක්ක එකතු වෙලා සෙල්ලම් කරලා, යාළුවො වටකරගෙන සිංදු කියලා තියෙනවා. විනෝද වුණා, සමාජ ආශ්‍රය තිබ්බා කියලා අම්මා මාත් එක්ක කියලා තියෙනවා. පුතා එහෙම නැහැ. එයා පිරිස ගැවසෙන තැන්වල ඉන්න කැමති නැහැ. එයාට හිතෙන්න ඕන කාත් එක්ක හරි සෙල්ලම් කරන්න හෝ කතා කරන්න. හිතුණොත් විතරයි වෙන අය එක්ක ගැවසෙන්නේ. ඒ වගේම පුතාගේ පෙණුමත් ළහිරු පොඩි කාලේ වගේමලු.

ළහිරුගේ සමකාලින ක්‍රිකට් හිතමිතුරන්ගේ බිරින්දෑවරු එක්ක රුක්ෂානි සම්බන්ධතාවය කොහොමද..?
ඉස්සර නම් නිතරම මුණගැහෙනවා. නමුත් දැන් ඒ කාලේ වගේ මුණගැහිලා විනෝද වෙන්න කාලයක් නැහැ. අපි හැමෝම කාර්යබහුල නිසා. නමුත් අපි කතාබහ කරනවා. බැදීම් වල අඩුවක් නැහැ. මුණගැහෙන්න වෙලාවක් විතරයි අඩුපාඩුවකට තියෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් කියන්නේ සල්ලිකාරයෝ කියලා මතයක් තියෙනවා. කාලයක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ නිසා ළහිරුටත් මුදල්වලින් අඩුපාඩුවක් නැහැ. ආර්ථික අපහසුතා නැතත් ඔබ රැකියාවක් කරනවා..?
ළහිරු තිරිමාන්නගේ වයිෆ් ජොබ් එකක් කරනවා කියලා දැනගත්තොත් ඒ හැමෝටම දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන් ඇයි රැකියාවක් කරන්නේ කියලා. පුදුම වෙයි. නමුත් මම හිතනවා අපි කවුරු වුණත් ඉගෙනගත්ත දේවල්වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. ඒ අදහස ඇතුව තමයි මම රැකියාවක් කරන්න යන්න තීරණය කළේ. මට නිදහසේ වැඩකරගෙන යන්න පුළුවන් වාතාවරණයක් තියෙන රැකියාවක් ලැබීම ගැන ඇත්තටම මට සතුටක් තියෙනවා. දැන් මම ඉස්සරට වඩා කාර්යබහුලයි. මවක්, බිරිදක් වගේම රැකියාවක් කරන කාන්තාවක් හැටියට. නමුත් හරිම සතුටින් ඒ හැම භූමිකවක්ම මම කරනවා.

ඔබ රැකියාවක් කරනවට ළහිරුගේ අකමැත්තක් තිබුණේ නැද්ද..ඔහු ජනප්‍රිය ක්‍රීඩකයෙක් නිසා ඔබට වාරණයක් දැම්මේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
මම වැඩ කරන්නේ ඉන්දියානු සමාගම් අනුබද්ධිත ආයතනයක. මේ ආයතනයෙන් මට සම්මුඛ සාකච්ඡාවට කතා කරද්දී මම හිටියේ ලහිරු එක්ක විදෙස් සංචාරයකට සම්බන්ධ වෙලා. ඒ නිසා මට මුලින්ම ඒ අවස්ථාව නැති වුණා. මම වෙනුවට වෙන කෙනෙක් අරගෙන තිබ්බා. ඒ නිසා මට ලොකු දුකක් තිබ්බා ඒ අවස්ථාව මගහැරුණු එක ගැන. නමුත් ළහිරුගේ අම්මා මාව හොදින් තේරුම් ගත්ත අම්මා කෙනෙක්. අම්මා තමයි මාව දිරිගන්නුවේ ඒ වගේ හොද ජොබ් එකක් නැති කරගන්න එපා නැවත උත්සහ කරන්න කියලා. මාස දෙකකට පස්සේ නැවත මට කතා කළා ඒ ආයතනයෙන්. මමත් එයට සම්බන්ධ වුණේ බයෙන්. මුල්ම ජොබ් එක නිසා. නමුත් සම්මුඛ සාකච්ඡාවෙන් මම සමත් වෙලා රැකියාවට සම්බන්ධ වුනා. ඒ වෙලාවේදී ළහිරුට ප්‍රශ්නයක් ආවේ අපේ පුතා ගැන. මම එයාව තනි කරලා පැය දෙකකට වඩා කොහෙවත් යන්නේ නැහැ.

පස්සේ ලහිරුගේ අම්මයි මගේ අම්මයි තාත්තයි පුතාව බලාගන්නම් කිව්වා. මට රැකියාවට යන්න කියලා. ළහිරුගේ ප්‍රශ්නේ එතැනදී විසදුනා. ඒ වගේම මම දරුවෝ එක්ක වැඩ කරන්නේ. ඒ ආයතනයෙන් මගේ පුතාව තියාගන්නත් අවස්ථාව දුන්නා. දැන් හදිස්සි අවස්ථාවකදී මට පුතාව එක්කගෙන යන්න පුළුවන්. ඒ නිසා මගේ සැමියා මගේ ආසාවට ඉඩ දුන්නා. රැකියාවේ කරදරයක් නැති නිසා යන්න දුන්නා කිව්වා. නැත්තම් ගෙදර තියාගන්නවා කියලා නම් එයා කිව්වා. කිසිම වෙලාවක මට එයා තහංචි දාන්නේ නැහැ. ඒ ගැනත් මතක් කරන්න ඕන.

ඔබේ සැමියා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා ඔබට රැකියා අවස්ථාව ලැබුනා කිව්වොත්..?
කොහෙත්ම නැහැ. තවමත් දන්නේ නැහැ බොහෝ දෙනෙක් මම ළහිරුගේ බිරිද කියලා. කිසිම තැනක මම මගේ සැමියා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා පෙන්නලා නැහැ. මගේ දක්ෂතා මත තමයි මට ඒ රැකියාව ලැබුනේ.

ජනප්‍රිය තරුවකගේ බිරිදක් නිසා කැපී පෙනෙන විලාසිතා කරන්න අවශ්‍ය වෙනවා නේද..?
මම දැන් පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ නිසා මම නිතරම හිතන්නේ මට ගැළපෙන විලාසිතා කරන්නයි. තැනට ගැලපෙන විදිහට ලස්සන විලාසිතා කරනවා. නමුත් මම ලොකුවට විලාසිතා කරන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට ළහිරුත් මට බනිනවා මම ලස්සන විලාසිතා කරන්නේ නැහැ කියලා.

හර්ෂණී විරරන්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top