ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතාගේ සහ රිද්මා පිලපිටිය මහත්මියගේ ආදරණීය පුංචි පුතණුවන් වන රාහුල් පුතණුවන්ගේ උපන්දිනය අද දිනට යෙදීලා තියෙනවා.
පවුලට මහත් සතුටක් හා වාසනාවක් කැඳවාගෙන ආ තම පුංචි කුමාරයාගේ උපන්දින සැමරුමේ සුන්දර ඡායාරූප එකතුවක් ඔවුන්ගේ මුහුණු පොත හරහා රසිකයන් වෙත තිළිණ කරලා තිබුණා.
තම ආදරණීය පුතුගේ උපන්දිනය වෙනුවෙන් රිද්මා පිලපිටිය මහත්මිය සිය මුහුණු පොතේ තබා තිබූ සටහන මෙන්න.
"අපිට සතුට වාසනාව අරන් ආපු රාහුල් කුමාරයාට නිදුක් නීරෝගී දීර්ඝායූ, වාසනාවන්ත, සුබම සුබ උපන්දිනයක් වේවා!"
තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය මවක් තැබූ මේ උණුසුම් සුබපැතුම් එක්ක, ආදරණීය රාහුල් පුතණුවන්ට නීරෝගී සුවය හා දීර්ඝායුෂ රසිකයන් බොහෝ පිරිසක් එකතු කරලා තිබුණා.
