ඒ තමයි පසුගිය දවස් කිහිපය ඇතුළත රටේ විදුලි ඉල්ලුම පහත බසිද්දී, විදුලි උත්පාදනය නම් කිසිම බාධාවකින් තොරව ඉහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබීම!
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන ආකාරයට, පසුගිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 03 දක්වා කාලය තුළ මේ අපූරු වෙනස සිදුවෙලා තියෙනවා. අගෝස්තු 31 වනදා මෙගාවොට් 2,947ක් ලෙස සටහන් වූ දෛනික උපරිම විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 03 වන විට මෙගාවොට් 2,920ක් දක්වා ක්‍රමයෙන් අඩුවෙලා. මිනිස්සු කරන්ට් එක පාවිච්චි කරන එක සීමා කරලාද නැත්නම් වැසි සහිත කාලගුණය නිසා විදුලි පංකා, ඒසී පාවිච්චිය අඩුවෙලාද කියන එක නම් ප්‍රශ්නයක්!
හැබැයි ඉල්ලුම කොහොම අඩු වුණත්, මේ දවස්වල දෛනික මුළු විදුලි උත්පාදනය නම් ගිගාවොට් පැය 57ත් 58ත් අතර ඉතාම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න විදුලිබල මණ්ඩලයට හැකිවෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් 01 වන දා වාර්තාගත වැඩිම විදුලි උත්පාදනය ලෙස ගිගාවොට් පැය 58.37ක් නිපදවා ඇති බවයි වාර්තා වන්නේ.
කරන්ට් කැපිලි නැතිව, බලාගාර උපරිම ධාරිතාවෙන් දුවන මේ පසුබිම ඉදිරි කාලයේදී රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනදායී ආරංචියක් ගෙන ඒවිද කියන එක ගැනයි දැන් කවුරුත් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ.