ඇගේ ඒ මනස්කාන්ත සිනහවට ආදරය නොකරන කෙනෙක් ප්‍රේක්ෂකයින් අතර නැති තරම්. නිරන්තරයෙන්ම විවිධ විලාසිතාවලින් රසික හදවත් අලුත් කරන සඳනි, පසුගියදා සිය නිල මුහුණුපොතට අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් එක් කර තිබුණා.
මෙවර සඳනි සැරසී සිටියේ දෑස් වශී කරවන දීප්තිමත් කහ පැහැති ගවුමකින්. පුංචි බෝනික්කියක් සිහිගන්වන අයුරින් හැඩවුණු ඇගේ ඒ ලස්සන පෙනුම සහ මුහුණේ තිබූ ආදරණීය, ප්‍රබෝධමත් සිනහව ඡායාරූප පෙළට තවත් අපූරු සුන්දරත්වයක් එක් කර තිබෙනවා.
දකින ඕනෑම කෙනෙකුගේ නෙත් නතර කරවන මේ සුන්දර රූපශ්‍රීය නිසාම සමාජ මාධ්‍ය තුළ මේ වන විටත් ඒ ගැන දැඩි කතාබහක් නිර්මාණය වෙලා.
"September is looking pretty good already..."
(සැප්තැම්බර් මාසය දැනටමත් ගොඩක් හොඳින් පෙනෙනවා...)
අලුත් බලාපොරොත්තු සහ ධනාත්මක සිතුවිලි සමඟින් සැප්තැම්බර් මාසය පිළිගන්නා ආකාරය පෙන්වන මේ සටහනත් සමඟ, ඇගේ ආදරණීය රසිකයන් මෙන්ම ක්ෂේත්‍රයේ යහළු මිතුරන්ද ආදරණීය කමෙන්ට්ස් දහස් ගණනක් ඡායාරූපවලට එක්කර තිබෙන අයුරු දැකගත හැකියි.
කහ පැහැති ඇඳුමෙන් තවත් සුරූපීව දිදුලන සඳනිගේ මේ නැවුම් පෙනුම, ඇයට ආදරය කරන තරුණයන්ගේ හදගැස්ම තවත් වේගවත් කර ඇති බව නොරහසක්.



