ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ හදිසි සමුගැනීම මුළු රටක්ම ගොළු කරද්දී, ඊටත් වඩා හදවත කඩාගෙන වැටෙන්නේ කාත් කවුරුවත් නැතිව අසරණ වුණු ඇගේ පුංචි පුතුගේ මුහුණ දකිද්දියි. ඒ වේදනාව තවත් ගැහැනියකගේ, තවත් අම්මා කෙනෙකුගේ සංවේදී හදවත අළු දූලි කරලා දැම්මා. ඇය වෙන කවුරුත් නෙවෙයි, නිතරම කතාබහට ලක්වන ජනප්‍රිය තරුව පියුමි හංසමාලි.
අඳුරු රැයක නින්ද අහිමිව මුහුණුපොතේ සැරිසරද්දී ඇස ගැටුණු ඒ කඳුළු පිරි ඡායාරූපය, පියුමිගේ මුළු හදවතම දැවෙන ගින්නක් බවට පත් කර තිබුණා. තමන්ගේ සිරුරේ ලේ කිරි කරලා දරුවෙක්ව තනිවම උස්මහත් කරපු ඒ ආදරණීය අම්මාගේ හිතේ තිබුණු ගැස්ම, තවත් අම්මා කෙනෙක් විදිහට පියුමිට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය වුණේ නැහැ.
"ජීවිතේ මොන පැත්ත බැලුවත් දුකක්ම තමයි... මේක කියෙව්වා ඇත්තමයි පපුවත් එක්ක පිච්චිලා ගියා. මට මේවා කියවන්න බෑ, මම එච්චරට සංවේදී ගැහැනියක්..." පියුමි ලියන්නේ නිකම්ම අකුරු පෙළක් නෙවෙයි; තනිකමේ සහ මාතෘත්වයේ කඳුළු මිශ්‍ර වුණු හැඟීම් ගොන්නක්.
ලෝකය මොනවා කිව්වත්, සමාජය මොන විදිහට ඇයව විනිශ්චය කළත්, පියුමි ඇතුළේ ඉන්න ඒ උත්තරීතර 'මව' මේ අසරණ දරුවා ඉදිරියේ පලිහක් වෙන්න තීරණය කරලා ඉවරයි. චූලාගේ දරුවාගේ පියා කවුද, ඔහු කොහේ ඉන්නවාද කියන්න පියුමි දන්නේ නැහැ. හැබැයි ඒ තාත්තා මේ අසරණ දරුවා හොයාගෙන නාවොත්, මේ දරුවාවයි ඔහුගේ ආදරණීය ආච්චි අම්මාවයි මුළු ජීවිත කාලය පුරාම තමන්ගේම අම්මා සහ දරුවා වගේ රැකබලා ගන්න පියුමි දෙපාරක් නොසිතාම ඉදිරිපත් වෙනවා.
"මට තියෙනකල් මම හැමෝටම සලකනවා... ඒ මගේ හැටි!"
පියුමිගේ ඒ අවංක, අභිමානවත් වචන කිහිපය අද මුළු සමාජ මාධ්‍ය ජාලයම නිහඬ කරලා. විලාසිතා, ආටෝප සහ කටකතා මැද්දේ සැඟවුණු ගැහැනියකගේ පතුලක් නොපෙනෙන මානුෂීය ගුණාංගය මේ විදිහට එළියට එද්දී, ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් ඇයට ආශිර්වාද කරන්නේ නිරායාසයෙන්මයි.
