ඔහු නමින් වන්දන් අලංකාර් සවායි (Vandan Alankar Sawai).
වෙබ් අඩවියක් මගින් සංවිධානය කරන ලද සතිපතා ප්‍රකට "Titled Tuesday" චෙස් තරගාවලියේ දෙවන වටයේදීයි මේ පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වී ඇත්තේ. එහිදී සුදු ඉත්තන්ගෙන් තරග බිමට පිවිසි වන්දන්, ලකුණු 2,823 ක ඉහළම ප්‍රසාද අගයක් සහිත මැග්නස් කාල්සන්ව පියවර 50 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අසරණ කරමින් මෙම ඓතිහාසික ජය හිමිකර ගෙන තිබෙනවා.
පුදුමය කියන්නේ මෙච්චර ලොකු ලෝක පූජිත ජයග්‍රහණයක් ලබලත් වන්දන් ඒ ගැන ගෙදර අයටවත්, තමන්ගේ පුහුණුකරුටවත් කියන්න ගිහින් නැහැ..පස්සේ අන්තර්ජාලයෙන් මේ නිවුස් එක දැකපු වන්දන්ගේ තාත්තා ඒ ගැන විමසූ විටයි ඔහු ඒ බව පවසා ඇත්තේ.
"අපේ බලකිරීම මත තමයි එයා මේ තරගාවලියට එකතු වුණේ. තරගය දින්නා කියලා අපිට කිව්වෙත් මහත්තයා අහපු වෙලාවේ..." යනුවෙන් වන්දන්ගේ මව මාධ්‍ය හමුවේ පවසා තිබුණා.
දෙල්හිහි සර්දාර් පටේල් විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මෙම දක්ෂ ක්‍රීඩකයාගේ ඊළඟ විශාල ඉලක්කය වී ඇත්තේ ජාත්‍යන්තර මාස්ටර් (International Master) ධුරය තමන් සතු කරගැනීමයි.
(මූලාශ්‍රය - NDTV)