හැබැයි මෙන්න මුළු ලෝකයක්ම මවිත කරමින් තමන්ගේ 117 වැනි උපන්දිනය සමරපු අපූරු මිත්තණියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇය නමින් ඒතල් කේටර්හැම් (Ethel Caterham). මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන ඇය මේ වන විට නිල වශයෙන් නම් කර ඇත්තේ මුළු මිහිපිටම ජීවත්ව සිටින වැඩිමහල්ම පුද්ගලයා වශයෙනුයි.
ගිනස් ලෝක වාර්තා කමිටුව සහ ලොව වැඩිමහල් පුද්ගලයන් පිළිබඳ දත්ත සැපයුම් ආයතනය මඟින් ඇයව ලොව වැඩිමහල්ම ජීවතුන් අතර සිටින පුද්ගලයා ලෙස නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා...
1909 වසරේ අගෝස්තු 21 වන දින බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් හිදී ඇය උපත ලබා ඇති අතර සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගෙන් යුත් පවුලක හයවැනි දරුවා ලෙසයි ඇය මෙලොව එළිය දැක ඇත්තේ.
ලෝක යුද්ධ දෙකක් ඇතුළුව ඉතිහාසයේ දැවැන්ත පෙරළි රැසකට සාක්ෂි දරමින්, සියවස් දෙකක මතකයන් සමගින් සිය 117 වැනි වියට පා තැබූ මේ අපූරු මිත්තණියට ලොව පුරා බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය උණුසුම් සුබපැතුම් එක්කරමින් සිටිනවා.