ඇයගේ රංගන කුසලතාවයට වගේම නිහතමානීකමටත්, ආකර්ෂණීය රූපයටත් ලංකාවේ රසික රසිකාවියන් දක්වන්නේ පුදුමාකාර ආදරයක්.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ප්‍රේක්ෂකයින් එක්ක සම්බන්ධ වෙන නෙත්මි, පහුගිය දවසක ඇයගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන, ඒ වගේම වෙනස්ම විදියේ ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. වෙනදා දකිනවාට වඩා ගොඩක් වෙනස්, කාගේත් නෙත් සිත් පැහැරගන්නා සුන්දරත්වයක් මේ ඡායාරූපවලින් දැකගන්න ලැබෙනවා.
ඇයගේ මේ ලස්සන ඡායාරූප පෙළට හරිම අපූරු සටහනකුත් (Caption) එක් කරලා තිබුණා. ඒ තමයි,
"A moment painted in warmth, grace, and a little bit of magic."
මෙයින් කියවෙන්නේ "උණුසුමෙන්, මනහර බවින් සහ පුංචි මායාවකින් හැඩවුණු මොහොතක්" වැනි අදහසක්. ඇත්තටම ඒ ඡායාරූපවල තියෙන සුන්දරත්වයට නම් මේ කියමන සියයට සියයක්ම ගැළපෙනවා.
මේ වෙනකොටත් නෙත්මිගේ මේ අලුත්ම ඡායාරූප පෙළට රසිකයින්ගෙන් ලොකු ආදරයක් වගේම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉතින්, කලා ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් තමයි නෙත්මි රොෂෙල් කියන්නෙ.. බලන්නකෝ මේ පොටෝ වල ලස්සන..