ඒ, මෙවර උතුම් වූ සධාතුක කරඬුව වැඩම කරවීමේ අතිපූජනීය භාග්‍යය හිමිවූයේ "ජනරාජා" නමැති මංගල හස්තියාට වීමයි.
විශේෂත්වයක් වන්නේ ජනරාජා ඇතු මෙලෙස ශ්‍රී දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවූයේ වසර 25කට පසුව වීමයි. ඒත් සමඟම මුළු මහත් බෞද්ධ ජනතාවගේම අවධානය මෙම පින්බර ''ජනරාජා'' වෙත යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කරන ලද මෙම හස්තියා මුල් කාලයේ "අරිට්ඨ" නමින් හඳුන්වා තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කරගනිමින් මෙම ගජරාජයා පසුව "ජනරාජා" ලෙස නම් කර ඇති අතර, වසර 25කට පසු උතුම් කරඬුව කරමත තබාගනිමින් ජනරාජා කළ ඒ පින්බර ගමන නෙතගට කඳුළක් උනන තරම් අලංකාර දසුනක් වුණා.