මෙම හදිසි ආරංචියත් සමඟ මුළු කලා ලෝකයම මෙන්ම උන්වහන්සේගේ ගී පදවලට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් දැඩි ශෝකයකට පත්ව සිටිනවා.
ගතවූ දින කිහිපය පුරාවටම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වහන්සේ මෙලෙස අපවත් වී තිබෙන්නේ. ගත්කතුවරයෙකු මෙන්ම දේශීය ගීත කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ උන්වහන්සේ අපවත් වන විට 76 වැනි වියේ පසුවුණා.
ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් රචනා කළ උන්වහන්සේගේ පෑන් තුඩින් බිහිවුණු අමරණීය ගීත අතරින් කිහිපයක් තමයි මේ:
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ...
සෙනෙහස පුදා...
සඳ තරු මල්...
සංසාරේ අපි...
ගිහි පැවිදි භේදයකින් තොරව හැමෝගෙම හදවත් ස්පර්ශ කළ මේ ගීත, දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට ලබා දුන්නේ අතිවිශාල දායකත්වයක්. උන්වහන්සේ අද අප අතරින් සමුගෙන ගියත්, ඒ අර්ථපූර්ණ ගී පද උන්වහන්සේගේ නාමය සදාකාලිකවම අපේ මතකයේ රඳවා තබනු නිසැකයි.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා!