විශේෂත්වය වෙන්නේ, ඉරාන ජාතික මාධ්‍යවේදී දිනය යෙදී තිබුණු සෙනසුරාදා දවසේදීම ඇයට මේ දඬුවම නියම කිරීමයි.
ඉරානයේ විරෝධතා සහ කාන්තාවන්ගේ ජීවිත ගැන සංවේදී සිදුවීම් නිතරම තම කැමරාවට හසුකරගත් ඇය, කාලයක ඉඳන්ම ඉරාන බලධාරීන්ගේ රතු නිවේදනවලට ලක්වෙලා හිටපු කෙනෙක්. රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන විදිහට, 2025 වසරේ ඊශ්‍රායලය සහ ඉරානය අතර තිබුණු දින 12ක යුද්ධයෙන් පස්සේ ගෙනාපු අලුත් නීතියක් යටතේ තමයි ඇයට මේ දඬුවම දීලා තියෙන්නේ. සතුරු රටවල් එක්ක එකතු වෙලා ඔත්තු බැලීම වැළැක්වීමලු මේ නීතියේ අරමුණ වෙන්නේ.
යාල්දා ටෙහෙරානයේ විප්ලවීය අධිකරණයට ගිය වෙලාවේ ඇයට ඇගේ නඩුවට අදාළ කිසිම නිල ලේඛනයක් බලධාරීන් විසින් ලබා දීලා නැහැ. අන්තිමේදී ඇය එක්ක ගිය මිතුරෙක් තමයි චෝදනා පත්‍රයේ තිබුණු දේවල් කොළයක ලියාගෙන තියෙන්නේ! ඒ සටහන්වලට අනුව, ඉරානයට සතුරු මාධ්‍ය ආයතනවලට සම්මුඛ සාකච්ඡා ලබාදීම සහ අමෙරිකාවට, ඊශ්‍රායලයට සම්බන්ධ සංවිධානවලට ඡායාරූප යැව්වා කියන එක තමයි ඇයට එල්ල වෙලා තියෙන ප්‍රධානම චෝදනාව.
පසුගිය ජනවාරි මාසයේ රජයට එරෙහි විරෝධතා අස්සේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශය යාල්දාගේ ගෙදරට කඩා පැනලා ඇගේ ජංගම දුරකථනය, ලැප්ටොප් එක ඇතුළු ඉලෙක්ට්‍රොනික් බඩු ඔක්කොම අරන් ගිහින්. ඒ මදිවට මේ අවුරුද්දේ අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළාට පස්සෙත් මේ නිලධාරීන් ආයෙමත් ඇවිත් ඇගේ බඩු අරන් ගිහින් තියෙනවා.
අවස්ථා ගණනාවකදීම දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වුණු ඇගේ නඩුව, ආරක්ෂක නීතිපති කාර්යාලයේ 33 වැනි ශාඛාව හරහා අවසානයේ විප්ලවීය අධිකරණයට යොමු කරලා තමයි මේ විදිහට වසර 15ක සිර දඬුවමක් නියම කරලා තියෙන්නේ. මේ සිදුවීමත් එක්ක මේ වෙද්දි ජාත්‍යන්තර මාධ්‍ය තුළත් ලොකු කතාබහක් නිර්මාණය වෙලා!